“Master” චිත්‍රපටය වෙනුවෙන් විශේෂ සහනයක්

Avatar Nisanka Weheraduwa | January 13, 2021 169 Views 0 Likes 0 Ratings

169 Views 0 Ratings Rate it

දමිළ සිනමාවට ප්‍රියකරන සිනමා රසිකයින් කලක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි චිත්‍රපටයක් ජනවාරි 13 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වනවා. ඒ Master දමිළ චිත්‍රපටය. ඉන්දියාවේ පමණක් නොවෙයි ලංකාව ඇතුළු ආසියාතික රටවල ජීවත් වන දමිළ සිනමා රසිකයින් මේ වනවිටත් සිනමාහල් වල ආසන වෙන් කරවාගෙන මේ චිත්‍රපටය නැරඹීමට සූදානමින් පසුවනවා.

ලංකාවේ Master චිත්‍රපටය නැරඹීමට සූදානම් වූ ප්‍රේක්ෂකයින්ට දැඩි අපහසුතාවකට මුහුණ දෙන්න සිදුවූයේ සිනමාහල් විවෘත කළා වුවත් සෞඛ්‍යමය කරුණු මත පනවා ඇති සීමාවන් නිසා දර්ශන වාරයකට සිනමහලකට ඇතුළත් කරගත හැකි ප්‍රේක්ෂක ප්‍රමාණය අවම කොට තිබීම හේතුවෙන්. මේ පිළිබඳව චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමය රජයෙන් විවිධ අවස්ථාවන්හිදී ඉල්ලීම් කොට තිබුනා.

එම ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය කපිල ගුණවර්ධන නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනුව ජනවාරි 13 වැනිදා සිට 22 දක්වා කාලය තුළ දින 10ක් සිනමාශාලා වලින් 50%ක ප්‍රමාණයක් ප්‍රේක්ෂකයින්ට ආසන පැනවීමට අවසර ලබාදෙන බව ලේකම්වරයා සඳහන් කොට තිබෙනවා. කෙසේ නමුත් පෙර ලබාදුන් උපදෙස් අනුවම ක්‍රියාත්මක වෙමින් නිවැරදි සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව  මෙම චිත්‍රපටය තිරගත කිරීම් සිදුකළ යුතු බවත් එම නිවේදනයේ සඳහන් වනවා. තෛපොංගල් උත්සවය නිමිත්තෙන් Master දමිළ චිත්‍රපටය සඳහා මෙම විශේෂිත අවසරය ලබාදීමට රජය තීරණය කළ බවයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share

169 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.