MTV Movie Awards ජයග්‍රාහකයින් ගැන ඔබ දැනුවත්ද?

Avatar Kavinu Weerakkody | June 18, 2022 55 Views 0 Likes 0 Ratings

55 Views 0 Ratings Rate it

ලෝ පුරා නිකුත් වන සිනමාපට අතුරින් විශිෂ්ටතම නිර්මාණ උදෙසා සම්මාන පිරිනැමෙන ප්‍රධාන සම්මාන උළෙල ගණනාවක්ම සෑම වසරකදීම දැකගන්නට ලැබෙනවා. නමුත් Academy Awards, Grammy Awards, Golden Globes වැනි ලොව ප්‍රධානම සම්මාන රාත්‍රීන් බොහෝමයකදී සම්මාන පිරිනැමෙන්නේ එක් තෝරාගත් චිත්‍රපට කාණ්ඩයකට පමණක් බව ප්‍රේක්ෂකයින් හොඳින් දන්නා කරුණක්.

ශානරීය විවිධත්වයකින් යුතු සිනමා නිර්මාණ ගණනාවකට එවැනි සම්මාන උළෙලන් හිදී සම්මාන ප්‍රදානයක් සිදු වන්නේ නැහැ. Art House ශානරයට නැඹුරුතාවයක් දක්වන, සම්මාන උළෙලේ තෝරාගැනීම්වලට ලඝුවන චිත්‍රපට කිහිපයක් පමණක් සම්මානයට පාත්‍ර වනවිට සෙසු නිර්මාණවලට සිදුවන්නේ විශාල අසාධාරණයක්… Horror, Super Hero, Action ආදී නිර්මාණ ඒවාටම අනන්‍ය වූ ලක්ෂණවලින් සමන්විත වුණත් ප්‍රධාන ශානරයේ සිනමා සම්මාන උත්සව තුළ ඒවා පිළිගැනීමකට ලක්වන සම්භාවිතාවයත් යම්තාක් දුරකට අඩුයි. මෙවැනි පසුබිමක් යටතේ ප්‍රධාන සිනමා උත්සව තුළින් මඟහැරෙන genre fictions උදෙසාම සම්මාන පිරිනැමෙන තවත් දැවැන්ත සම්මාන උළෙල කිහිපයක්ම ලෝ පුරා දක්නට ලැබෙනවා. MTV Awards යනුවෙන් හැඳින්වෙන්නේ ත් ඒ අතරින් එක් සිනමා රාත්‍රියක්…

MTV Movie & TV Awards යනුවෙන් හැඳින්වෙන එම උළෙල සංවිධානය කරන්නේ MTV මාධ්‍ය ජාලය හරහායි. වාර්ෂිකව සිනමාශාලා සඳහා නිකුත් වූ සහ රූපවාහිනියේ විකාශනය වූ වාණිජ ධාරාවේ චිත්‍රපට/රූපවාහිනී කතාමාලා උදෙසා සම්මාන පිරිනැමෙන මෙම උළෙල පළමු වරට පැවැත්වුනේ 1992 වසරේදීයි.
මුලදී එය MTV Movie Awards ලෙස හැඳින්වුනු අතර සම්මාන ප්‍රදානය සිදු කළෙත් චිත්‍රපට සඳහා පමණයි. නමුත් 2017 වසරේ සිට උළෙලේ නාමය වෙනස් කරමින් චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා වෙනුවෙනුත් සම්මාන පිදීමට MTV අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

පසුගිය ජූනි 05 වනදා පැවැත්වූ මෙවර MTV Movie & TV Awards හිදී චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා වෙනුවෙන් එක් සම්මාන ප්‍රදානයකුත්, රියැලිටි තරඟාවලි වෙනුවෙන් තවත් සම්මාන ප්‍රදානයකුත් සිදු කළා. චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා වෙනුවෙන් සිදු කළ සම්මාන ප්‍රදානය මෙහෙය වූයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනී Vanessa Hudgens විසිනි.
වසරේ විශිෂ්ටතම සිනමාපටය, වසරේ විශිෂ්ටතම රූපවාහිනී කතාමාලාව, වසරේ විශිෂ්ටතම සිනමා නලුවා/නිළිය, විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂණය ඇතුළු ජයග්‍රහණ ගණනාවක් ඊට ඇතුළත් වනවා.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර final nominations ලැයිස්තුවේ මුල් තැන ගන්නට මාවල් සිනමා විශ්වයට (MCU) අයිති නිර්මාණයක් සමත් වුනා. ඒ tom hollandගේ Spider Man චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම වූ Spider Man: No Way Home සිනමාපටයයි. කාණ්ඩ 07කට නිර්දේශ වෙමින් එය final nominations හි පළමු තැනට පත්ව වූවත් උළෙල අවසාන වනවිට මෙවර වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් නිර්මාණය බවට පත්ව තිබුනේ HBO නිෂ්පාදනයක් වූ Euphoria කතාමාලාවයි.
Spider Man: No Way Home සිනමාපටය මෙවර “Best Movie” සම්මානය දිනාගත් අතර බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ පරිදිම Euphoria කතාමාලාව “Best Television Show” සම්මානය දිනාගනු ලැබුවා. Best Performance in a Movie සහ Best Performance in a Television Show සම්මාන ද්විත්වයද එම නිර්මාණ ද්විත්වයේ ප්‍රධාන චරිත රඟපෑ Tom Holland හා Zendaya විසින් ජයග්‍රහණය කර තිබීම මෙවර උළෙලේ තවත් සුවිශේෂීත්වයක්.

පහතින් දැක්වෙන්නේ MTV Movie & TV Awards – 2022 හි සම්පූර්ණ ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුවයි.

BEST MOVIE

Spider-Man: No Way Home
Dune
Scream
Shang-Chi and the Legend of the 10 Rings
The Adam Project
The Batman

BEST SHOW

Euphoria
Inventing Anna
Loki
Squid Game
Ted Lasso
Yellowstone

BEST PERFORMANCE IN A MOVIE

Tom Holland – Spider-Man: No Way Home
Lady Gaga – House of Gucci
Robert Pattinson – The Batman
Sandra Bullock – The Lost City
Timothée Chalamet – Dune

BEST PERFORMANCE IN A SHOW

Zendaya – Euphoria
Amanda Seyfried – The Dropout
Kelly Reilly – Yellowstone
Lily James – Pam & Tommy
Sydney Sweeney – Euphoria

BEST HERO

Scarlett Johansson – Black Widow
Daniel Craig – No Time to Die
Oscar Isaac – Moon Knight
Simu Liu – Shang-Chi and the Legend of the Ten Rings
Tom Holland – Spider-Man: No Way Home

BEST VILLAIN

Daniel Radcliffe – The Lost City
Colin Farrell – The Batman
James Jude Courtney – Halloween Kills
Victoria Pedretti – You
Willem Dafoe – Spider-Man: No Way Home

BEST KISS

Poopies & the snake – Jackass Forever
Hunter Schafer & Dominic Fike – Euphoria
Lily Collins & Lucien Laviscount – Emily in Paris
Robert Pattinson & Zoë Kravitz – The Batman
Tom Holland & Zendaya – Spider-Man: No Way Home

BEST COMEDIC PERFORMANCE

Ryan Reynolds – Free Guy
Brett Goldstein – Ted Lasso
John Cena – Peacemaker
Johnny Knoxville – Jackass Forever
Megan Stalter – Hacks

BREAKTHROUGH PERFORMANCE

Sophia Di Martino – Loki
Alana Haim – Licorice Pizza
Ariana DeBose – West Side Story
Hannah Einbinder – Hacks
Hoyeon – Squid Game

BEST FIGHT

Cassie vs. Maddy – Euphoria
Black Widow vs. Widows – Black Widow
Guy vs. Dude – Free Guy
Shang-Chi bus fight – Shang-Chi and the Legend of the Ten Rings
Spider-Men end battle – Spider-Man: No Way Home

MOST FRIGHTENED PERFORMANCE

Jenna Ortega – Scream
Kyle Richards – Halloween Kills
Mia Goth – X
Millicent Simmonds – A Quiet Place Part II
Sadie Sink – Fear Street: Part Two 1978

BEST TEAM

Loki – Tom Hiddleston, Sophia Di Martino, Owen Wilson
Only Murders in the Building – Selena Gomez, Steve Martin, Martin Short
Spider-Man: No Way Home – Tom Holland, Andrew Garfield, Tobey Maguire
The Adam Project – Ryan Reynolds, Walker Scobell
The Lost City – Sandra Bullock, Channing Tatum, Brad Pitt

HERE FOR THE HOOKUP

Euphoria
Never Have I Ever
Pam & Tommy
Sex/Life
Sex Lives of College Girls

BEST SONG

“On My Way (Marry Me)” – Jennifer Lopez / Marry Me
“Here I Am (Singing My Way Home)” – Jennifer Hudson / Respect
“Just Look Up” – Ariana Grande & Kid Cudi / Don’t Look Up
“Little Star” – Dominic Fike / Euphoria
“We Don’t Talk About Bruno” – Encanto Cast / Encanto

BEST DOCU-REALITY SERIES

Selling Sunset
Jersey Shore: Family Vacation
Love & Hip Hop: Atlanta
Summer House
The Real Housewives of Beverly Hills

BEST COMPETITION SERIES

RuPaul’s Drag Race
American Idol
Dancing with the Stars
The Challenge: Spies, Lies & Allies
The Masked Singer

BEST LIFESTYLE SHOW

Selena + Chef
Bar Rescue
Dr. Pimple Popper
Making It
Queer Eye

BEST UNSCRIPTED SERIES

The D’Amelio Show
Hart to Heart
Teen Mom: Family Reunion
The Real Housewives Ultimate Girls Trip
Queen of the Universe

BEST REALITY STAR

Chrishell Stause – Selling Sunset
Chris “CT” Tamburello – The Challenge
Lindsay Hubbard – Summer House
Teresa Giudice – The Real Housewives of New Jersey
Willow Pill – RuPaul’s Drag Race Season 14

BEST REALITY ROMANCE

Loren & Alexei Brovarnik – Loren & Alexei: After the 90 Days
Joe Amabile & Serena Pitt – Bachelor in Paradise
Nany Gonzalez & Kaycee Clark – The Challenge: Spies, Lies & Allies
Tom Sandoval & Ariana Madix – Vanderpump Rules
Yandy & Mendeecees – Love & Hip Hop: Atlanta

BEST TALK / TOPICAL SHOW

The Tonight Show Starring Jimmy Fallon
The Daily Show with Trevor Noah
The Drew Barrymore Show
The Kelly Clarkson Show
The Late Show with Stephen Colbert

BEST HOST

Kelly Clarkson – The Kelly Clarkson Show
Charlamagne Tha God – Tha God’s Honest Truth
Gordon Ramsay – MasterChef
Rob Dyrdek – Ridiculousness
RuPaul – RuPaul’s Drag Race

BREAKTHROUGH SOCIAL STAR

Bella Poarch – @bellapoarch on TikTok
Benito Skinner – @bennydrama7 on Instagram
Caleb Hearon – @calebsaysthings on Twitter
Khaby Lame – @khabylame on TikTok
Megan Stalter – @megstalter on Instagram

BEST FIGHT

Bosco vs. Lady Camden – RuPaul’s Drag Race
Candiace Dillard Bassett vs. Mia Thornton – Salad toss fight – The Real Housewives of Potomac
Christine Quinn vs. Chrishell Stause – Selling Sunset
Danielle Olivera vs. Ciara Miller vs. Lindsay Hubbard– Summer House
Margaret Josephs vs. Teresa Giudice – The Real Housewives of New Jersey

BEST REALITY RETURN

Paris Hilton – Cooking with Paris & Paris in Love
Bethenny Frankel – The Big Shot with Bethenny
Kylie Sonique Love – RuPaul’s Drag Race All Stars
Sher – Ex on the Beach
Tami Roman – The Real World Homecoming: Los Angeles

BEST MUSIC DOCUMENTARY

Olivia Rodrigo: driving home 2 u (a SOUR film)
jeen-yuhs: A Kanye Trilogy
Oasis Knebworth 1996
The Beatles: Get Back

ඇමරිකානු entertaining ක්ෂේත්‍රය වෙනුවෙන් කල සේවය උදෙසා ජීවිතයට එක්වරක් පමණක් පිදෙන MTV Reality Royalty Lifetime Achievement ගෞරව සම්මානයෙන් මෙවර පිදුම් ලැබූයේ ඇමරිකානු රූපවාහිනියට හුරුපුරුදු චරිතක් වන Bethenny Frankelයි.
එමෙන්ම, වර්තමාන පරම්පරාවේ විශිෂ්ටතම හාස්‍ය රංගන ශිල්පියෙකු වන Jack Black විසින් Comedic Genius Award සම්මානයත්, සුප්‍රකට නිළි Jeniffer Lopez විසින් MTV Generation Award ගෞරව සම්මානයත් දිනා ගන්නට මෙවර සමත් වුනා.

පහතින් දැක්වෙන්නේ මෙවර චිත්‍රපට අංශයෙන් වැඩිම නිර්දේශවීම් සංඛ්‍යාවක් ලබා ගත් චිත්‍රපටවල නාමාවලියයි.

07 – Spider-Man: No Way Home
04 – The Batman
03 – The Lost City, Shang-Chi and the Legend of the Ten Rings
02 – The Adam Project, Black Widow, Dune, Free Guy, Halloween Kills, Jackass Forever, Scream

Share

55 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.