OSCAR සම්මාන උළෙලේදී ශ්‍රීදේවි සිහිපත් කරයි

Avatar Nisanka Weheraduwa | March 6, 2018 56 Views 0 Likes 0 Ratings

56 Views 0 Ratings Rate it

90 වැනි ඇකඩමි හෙවත් OSCAR සම්මාන උළෙල මාර්තු 04 වැනිදා පැවැත්වුනා. එම සම්මාන උළෙලේ විවිධ කාණ්ඩ යටතේ  නිර්මාණ ශිල්පින් වෙත සම්මාන ප්‍රධානය කිරීම සිදුවුනා.  සම්මාන උළෙලේ Memoriam montage කාණ්ඩය යටතේ සිනමාවේ නොමැකෙන චරිත කිහිපයක් සඳහා සිය උපහාරය පිරිනැමීමට OSCAR  සංවිධායකයින් කටයුතු කොට තිබුනා. විශේෂයෙන්ම පසුගිය වසරේ මෙලොවින් සමුගෙන ගිය සිනමාවේ දිදුලන චරිත මේ උපහාරයට සුදුසුකම් ලබා තිබුනා.

Eddie Vedder විසින් Tom Petty ගීතය සජීවීව ගායනා කරමින් නැසීගිය James Bond, Sir Roger Moore, Jeanne Morey, Martin Landau, Harry Dean Stanton, Sam Shepard, George Romero සහ Jonathan Damme යන අය මේ යටතේ සිහිපත් කරනු ලැබුවා. එහි විශේෂිත තැනක් හිමිකර ගැනීමට ඉන්දීය සිනමා ශිල්පීන් වන Shashi Kapoor සහ Shridevi Kapoor සමත් වුනා. ලෝක සිනමාවට අමුත්තකු නොවන ශෂී කපූර් පසුගිය වසරේ මෙලොවින් සමුගෙන ගියා. එමෙන්ම ඇකඩමි සම්මාන උළෙලට සතියකට පෙර හදිසියේ ශ්‍රීදේවි කපූර් මෙලොවින් සමු ගත්තා. ඉන්දීය සිනමාවේ විවිධ කාණ්ඩ යටතේ සිය රංග ප්‍රතිභාවන් පෙන්වූ ශ්‍රීදේවි හට සිය උත්තමාචාරය පල කිරීමට OSCAR උළෙල කටයුතු කොට තිබුනා.

 

Share

56 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.