PARASITE චිත්‍රපටය පිලිබඳ සංවාදයක් ඩිජිටල් මාධ්‍යයෙන්

Avatar Nisanka Weheraduwa | December 19, 2020 265 Views 0 Likes 0 Ratings

265 Views 0 Ratings Rate it

පසුගිය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ස්වතන්ත්‍ර තිරරචනය සහ හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය ඇතුළු තවත් සම්මාන උළෙල රැසකදීද සම්මානයට පාත්‍රවූ කොරියානු සිනමාපටය “PARASITE” පිලිබඳ සිනමා විචාරය සහ සංවාදය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැළසුම් කොට තිබෙනවා.

දෙසැම්බර් 20 වැනි ඉරිදා උදෑසන 10 සිට සජීවීව YouTube මාධ්‍ය ඔස්සේ මෙම සංවාදය පැවැත්වෙනු ඇති. බූපති නලින්, ලක්මාල් ධර්මරත්න සහ වංගීස සුමනසේකර මෙම සිනමා කතිකාව සඳහා සම්පත් දායකයින් ලෙස එක්වීමට නියමිතයි. artforumuok නම් YouTube නාලිකාවෙන් මෙම සජීවී සංවාදයට සම්බන්ධ වීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව තිබෙනවා. කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාපීඨ කලා සංසදය මෙම වැඩසටහන සංවිධාන කරනවා.

Share

265 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.