Patrick Rutnam ලංකාවේ රූගත කළ අපූරු Cover video එකක්

Avatar Nisanka Weheraduwa | March 29, 2019 82 Views 0 Likes 0 Ratings

82 Views 0 Ratings Rate it

Patrick Rutnam ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණයෙක්. චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිෂ්පාදක චන්ද්‍රන් රත්නම්ගේ පුතකු වන Patrick, රංගනය, ගායනය ආදී විවිධ කලා මාධ්‍යන්ගේ දක්ෂතා දක්වන්නෙක්. චන්ද්‍රන් රත්නම් නිර්මාණය කළ The common man චිත්‍රපටයේ පොලිස් නිළධාරියා ලෙස රංගනයේ දෙනෙත් Patrick. ඔහු, අලුත්ම cover video එකක් නිර්මාණය කොට අන්තර්ජාලයට එක්කොට තිබෙනවා.

2019 මාර්තු මාසයේ පැවැත්වුනු OSCAR සම්මාන උළෙලේ Best music (original score) ලෙස සම්මාන ලබා ගත්තේ Lady Gaga ගේ පද සහ සංගීතයෙන් නිර්මාණය වුනු Shallow ගීතය බව සිනමාවට ලැදි ඔබට මතක ඇති. ඒ අපූරු ගීතය Patrick, තවත් ශිල්පිනියක් වූ April Schokman සමග ගායනා කර තිබෙනවා. ගීතයේ music video එක ලංකාවේ රූගත කර තිබෙනවා වගේම ඒ නිර්මාණයේ අධ්‍යක්ෂවරයා වන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්. Patrick සහ Aprilගේ හඬ සමග අපූරු දර්ශන පෙළක් සහිත මේ ගීතය මුල් නිර්මාණයට අපූරු හැඩයක් එකතු කළ බව ගීතය නැරඹු බොහෝ දෙනෙක් පවසනවා.

 

Share

82 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.