සනත්ගේ කැංගා
මහින්දාගමනය හා සිරි දළදාගමනය යන සිනමා පටයන් අධ්‍යක්ෂණය කළ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වු සනත් අබේසේකරයන් තවත් සුවිශේෂි චිත්‍රපටයක් කිරිමට පිඹුරුපත් සකසමින් සිටිනවා.මෙහි ආරම්භයක් වශයෙන් මෙම කෘතියේ මුලික වැඩ කටයුතු ගරුතර සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ගංගාරාම විහාරස්ථානයේ පැවති චාම් මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරුණා.
විනීතා විජයරත්න කුලතුංගගේ කැංගරු හදිය ළමා නවකතාව ඇසුරෙන් නිර්මාණය වන මෙම කෘතිය නම් කර ඇත්තේ පුංචි කැංගා නමිනුයි.මෙහි රූ ගත කිරිම් සියල්ලක්ම පාහේ සිදුකරනු ලබනුයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේය. වර්තමානයේ එරට ජීවත්වන කපිතාල් අතිල් ගුණසේකර සහ ආචාර්ය තරංගා ගුණසේකර යුවළ පුංචි කැංගා නිෂ්පාදනය කරනු ලබයි.මෙරටින් තෝරා ගෙන ඇති රංගන ශිල්පීන් වනුයේ ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, වීණා ජයකොඩි, අනර්කලී ආකර්ශා, මොරීන් චාරුනී යන අයයි.මොවුන් හැරුණූ කොට අන් සියලුම ළමා චරිතයන් හා සෙසු චරිතයන් සදහා දායක කරගනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන පිරිසකි.
ප්‍රසන්න ඉත්තෑපාන සහාය අධ්‍යක්ෂණයෙන් ද, අනුර ජයසේකර අංග රචනයෙන් ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් එක්වන මෙහි කැමරාව පී. කේ. ලෙනාඩ් මෙහෙයවයි. ආචාර්ය රෝහණ වීරසිංහ පුංචි කැංගා සංගීතයෙන් ඔපවත් කරයි. බන්දුල නානායක්කාරවසම් ගී පද රචනා කරයි. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් දායක වෙයි. මෙහි ග්‍රැෆික් නිර්මාණය නිලාන් කුරේගෙනි.
Written by Cinema.lk A
