PVR Sri Lanka – ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම 21 වැනිදා සිට

Avatar Nisanka Weheraduwa | August 20, 2020 456 Views 0 Likes 5 On 1 Rating

456 Views 5 On 1 Rating Rate it

කොළඹ One Galle Face සාප්පු සංකීර්ණයේ පිහිටා තිබෙන සුඛෝපභෝගී සිනමාහල් සංකීර්ණය ගැන සිනමා ප්‍රේක්ෂකයින් වන ඔබ හොඳින් දැනුවත්. නිදහසේ සුවපහසුවෙන් චිත්‍රපටයක් නැරඹීමට කැමති ප්‍රේක්ෂකයින්ට මේ PVR සිනමාහල් සංකීර්ණය ගැලපෙනම අවකාශයක්. දේශීය සිනමාවේ සම්මානිත වගේම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චිත්‍රපට මාලාවක් මේ සුවපහසු සිනමාහල් පරිශ්‍රයේදී නැරඹීමට අවස්ථාව ලැබෙන, සිනමා උළෙලක් ගැනයි මේ තොරතුරු.

PVR Retrospective Film Festival

දේශීය සිනමාවේ අතිශය ජනප්‍රිය වුනු සහ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චිත්‍රපට පෙළක් මේ යටතේ තිරගත කෙරෙනවා. අගෝස්තු 21 වැනි සිකුරාදා මේ චිත්‍රපට උළෙල ආරම්භ වනවා. එතැන් පටන් අගෝස්තු 27 වැනිදා දක්වා කාලය තුළ දිනකට දර්ශන වාර පහකදී චිත්‍රපට පහක් තිරගත කිරීමට ඔවුන් සැළසුම් කොට තිබෙනවා. අගෝස්තු 28 වැනිදා සිට ඉතිරි සතිය වෙනුවෙන් එලෙසින්ම වෙනත් චිත්‍රපට මාලාවක් තිරගත කෙරෙනු ඇති. මෙලෙසින් අගෝස්තු 21 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා මේ චිත්‍රපට උළෙල පැවැත්වෙනු ඇති.

චිත්‍රපට උළෙලේ පළමු දින හත සඳහා චිත්‍රපට පෙළගැසෙන්නේ මෙලෙසින්.

පෙ.ව. 11.00 – සමනළ සංධ්වනිය – ජයන්ත චන්ද්‍රසිරි

ප.ව.  1.45 –  බිම්බාදේවි හෙවත් යශෝධරා – මහාචාර්ය සුනිල් ආරියරත්න

ප. ව. 5.15 – ඔබ නැතුව ඔබ එක්ක – ප්‍රසන්න විතානගේ

ප.ව. 7.15  – According to Mathew  – චන්ද්‍රන් රත්නම්

ප.ව. 9.30 – ඇගේ ඇස අග – අසෝක හඳගම

මේ චිත්‍රපට පහ පළමු සතියේ සිනමා උළෙලෙන් නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා. සිනමා උළෙල සඳහා ප්‍රවේශපත් PVR cinema වෙබ් අඩවිය හරහා වෙන්කරවා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. නැතිනම් චිත්‍රපට දර්ශනයට පෙර සිනමාහලේ ප්‍රවේශපත් කවුන්ටරයෙන් මිළදී ගැනීමටත් හැකියි. ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම සඳහා ප්‍රවේශපත්‍රයක විශේෂිත මිළ රුපියල් 300/= පමණයි.

ඔබට මීට පෙර බැලීමට මගහැරුණු චිත්‍රපට පුළුල් තිරයෙන් නැරඹීමටත්, අති සුඛෝපභෝගී සහ ඉහළ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණයෙන් යුතු සිනමාහලක ඔබ කැමති චිත්‍රපට නැවත නැරඹීමටත් මේ අවස්ථාව උදාකරගන්නා ලෙස සිනමාලෝලීන් වෙත විවෘත ආරාධනයක් කෙරෙනවා.

Share

456 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.