රම්බරී රිදී තිරයට
පසුගිය වකවානුව තුළ සංගීත ක්ෂේත්‍රය තුළ ඉමහත් පෙරළියක් සිදු කළ නව පරපුරේ ගායන ශිල්පියෙක් වු ළහිරු පෙරේරා සහ ඔහුගේ මිතුරෙකු හා දක්ෂ ගී පද රචකයෙකු වන මනුරංග විජේසේකර යන දෙපොළ රිදී තිරයට තම දායකත්වය ලබා දෙන්න සුදානමින් සිටින බව අපට දැනගන්නට ලැබුණා.ළහිරු-මනුරංග සුසංයෝගය ප්‍රසංග වේදීකාව,පුංචි තිරය සාර්ථක අන්දමින් ජය ගත්තා සේම ලාංකේය රිදී තිරයේ ද සංගීතමය විප්ලවයක් සිදු කරනු ඇති බවටයි වැඩි දෙනා ගේ විශ්වාසය.කෙසේ හෝ මොවුන් මෙසේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානයන්ගේ පුත් නාලක විතානගේ විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘රූපාන්තරණ’ නම් වූ පර්යේෂණාත්මක චිත්‍රපටයේය.
මෙහිදී මනුරංග විසින් රචිත ළහිරුගේ රම්බරී ගීතය ලියවෙන්නටත් කලින් මනුරංග අතින් ලියැවුණු ගී පද මාලා දෙකකට ළහිරු සංගිතයෙන් හා ගායනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය සඳහා ගායනයෙන් ළහිරුත් සමඟ අභිෂේකා විමලවීර, ශනුක්, රන්දීර් ද එකතු වන බවයි වැඩිදුර කරුණු විමසීමේදී අපට දැනගන්න ලැබුනේ.
Written by Cinema.lk A
