RUSH – දැන් දිවයින පුරා තිරගත වෙයි
දේශීය වාණිජ සිනමාවේ තවත් අපූරු චිත්‍රපටයක් මේ දිනවල දිවයින පුරා තිරගත කෙරෙනවා. ඔක්තෝබර් 15 වැනිදා සිට තිරගත වීම් ආරම්භ වුනු මේ චිත්‍රපටයේ නම “RUSH”. “ලෙය කිරට හැරවූ ආදරයක්” කියලයි චිත්‍රපටයේ තේමාව යොදා තිබෙන්නේ.
ඔව්, RUSH කියන්නේ ආදර කතාවක්. ටිකක් වෙනස් විදිහක ආදර කතාවක්. එක එක විදිහේ ආදරයන් හිමිවීම සහ අහිමිවීම ඇතුලේ පුද්ගල චරිත හැසිරෙන්නේ කොහොමද කියන එක මේ චිත්‍රපට චරිත එක්ක ප්‍රේක්ෂකයාට හමු වනවා. ඒ විතරකුත් නෙමෙයි, සුන්දර දර්ශන තලවල රුගත කරලා තියෙන මේ චිත්‍රපටයේ රූපරාමු ඉතාම ආකර්ෂණීයයි. චිත්‍රපටයේ සංගීතය සහ එහි ඇතුලත් ගීත ප්‍රේක්ෂකයාට අපූරු අත්දැකීමක් වේවි.
මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වන RUSH චිත්‍රපටයේ උද්දික ප්‍රේමරත්න, සාරංග දිසාසේකර සහ අසංකි ද සිල්වා ප්‍රධාන චරිත රංගනයෙන් දායක වනවා. සනත් ගුණතිලක, ලකී ඩයස්, අනුලා කරුණාතිලක, ජනිත් වික්‍රමගේ, හර්ෂ තෙන්නකෝන්, යුරේනි නොෂිකා ඇතුළු නළු නිළි පිරිසක් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.
එරංග ජයවර්ධන සංගීත නිර්මාණයෙන්, රංග එස්. බණ්ඩාර කැමරා අධ්‍යක්ෂණයෙන්, මංජුල අයගම කලා අධ්‍යක්ෂණයෙන් දායක වූ මේ චිත්‍රපටයට කැලුම් ශ්‍රීමාල්, නිලාර් එන්.කාසිම් ගීපද රචනයෙන් සම්බන්ධ වුනා. දැන් දිවයින පුරා සිනමාහල් වලදී ඔබට RUSH නැරඹිය හැකියි.

Written by Nisanka Weheraduwa
