Saand Ki Aankh නොහොත් Bull’s Eye මෙවර දීවාලි වෙනුවෙන්
දීවාලි උත්සවය වෙනුවෙන් කෙරෙන බොහෝ සැමරුම් උත්සව අතර අලුත්ම චිත්‍රපටයක් තිරගත වීමත් විශේෂිතයි. අලුත්ම ඉන්දියානු චිත්‍රපටයක් වුනු Saand Ki Aankh නැතිනම් Bull’s Eye මේ දීවාලි සමයේ තිරගත වනවා. ඉන්දියානු කාන්තාවන් දෙදෙනෙකුගේ අපූරු ජිවන අත්දැකීම් ඇසුරින් නිර්මාණය වුනු මේ චිත්‍රපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන්නේ යහපත් ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර සමගින්.
Biographical drama film එකක් වන මෙය, ඉන්දියාවේ ජීවත් වන ඉලක්කයට වෙඩි තබන කාන්තාවන් දෙදෙනෙක් වන Chandro Tomar සහ Prakashi Tomar චරිත ද්විත්වය මත ගොඩනැගෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Tushar Hiranandani විසින්. Jagdeep Sidhu මේ චිත්‍රපටයේ තිර රචනය සිදුකොට තිබෙනවා. Taapsee Paanu සහ Bhumi Padnekar මෙහි ප්‍රධාන චරිත ද්විත්වය නිරුපණය කරනවා. Prakash Jha, Pawan Chopra, Vineet Kumar Singh, Shaad Randhawa මෙහි සෙසු චරිත නියෝජනය කරනවා. 2019 වසරේ පෙබරවාරි මස රූගත කිරීම් ආරම්භ වුනු චිත්‍රපටය ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකම රූගත කිරීම් සිදුකොට තිබෙනවා. මිනිත්තු 146ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය සඳහා වැයකොට ඇති පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 1.80ක්.
චිත්‍රපටයේ තිරගත කිරීමෙන් පසු ඉතා හොඳ ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර හිමිවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. බොහෝ විචාරකයින් ලබාදුන් ලකුණු මට්ටම වුනේ 5න් 3.5ක් බවත් මේ මාධ්‍ය වාර්තා වලින් කියවුනා. විශේෂයෙන් ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන Taapsee සහ Bhumiගේ රංගනය ගැන විචාරකයින් ඉතා හොඳ ප්‍රතිචාර දක්වා තිබුනා. “මුලින් හිතුනේ වයස අවුරුදු 60ක චරිත නිරූපණයකට මේ දෙන්නා ගැලපෙනවද කියන එක, ඒත් චිත්‍රපටය බලද්දියි මට තේරුනේ මේ දෙන්නා මොන තරම් සුක්ෂමව ඒ රංගනයේ දෙනවද කියල” එක් විචාරකයෙක් පවසා තිබුනා.
වඩා සවිමත්, අභියෝගාත්මක ගැහැණු චරිත දෙකක් වටා ගෙතුණු අපූරු චිත්‍රපටයක්. ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්.
Written by Nisanka Weheraduwa
