SATHYA – නවතම ක්‍රියාදාම ද්‍රවිඩ චිත්‍රපටය තව දින දෙකකින්
කොලිවුඩ් සිනමාවට නිරන්තරයෙන් අලුත් සිනමා නිර්මාණ බිහි වනවා. කලාත්මක සිනමාව සහ වාණිජ සිනමාව යන දෙඅංශයම කොලිවුඩ්හි එක ලෙසින් ජනප්‍රියයි. මේ කොලිවුඩ් සිනමාවට අලුතින්ම එකතු වන ක්‍රියාදාම චිත්‍රපටයක් පිළිබඳ තොරතුරු. Pradeep Krishnamoorthy අධ්‍යක්ෂණය කළ Sathya සිනමාපටය දෙසැම්බර් 08 වැනිදා තිරගත වීම් ආරම්භ වීමට නියමිතයි. මේ චිත්‍රපටයේ කතාව Adivi Seshගෙන්. Kshanam නමින් නිපදවුණු තෙලිඟු සිනමාපටය ආශ්‍රයෙන් චිත්‍රපටය නිර්මාණය කොට තිබෙනවා. Simon K.King විසින් සංගීතය නිර්මාණය කළ චිත්‍රපටයට ගීත හයක් ඇතුළත්. Sibi Sathyaraj, Remya nambeesan, Varalaxmi Sarathkumar, Aathma ඇතුළු ශිල්පින් පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. ද්‍රවිඩ සිනමාවට කැමති රසිකයින්ට තවත් දින දෙකකින් පසු මේ චිනමාපටය නැරඹීමට අවස්ථාව තිබෙනවා.
Written by Nisanka Weheraduwa
