ෂාරුක් අංක එකට

Avatar Cinema.lk A | February 3, 2013 99 Views 0 Likes 0 Ratings

99 Views 0 Ratings Rate it

බොලිවුඩයේ රජු ලෙසින් කිරුළු පලන් සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාව තුළදී තවදුරටත් තම අංක එකේ ආධිපත්‍ය රැක ගැනීමට සමත් වී තිබෙනවා.ජනප්‍රිය තරු අතරින් මුල් තැනට පත් වනවා සේම මාස 11 ක් වැනි සුළු කාලයකදී රුපියල් කෝටි 202.8 ක ආදායමක් උපයාගනිමින් ඉන්දියාව තුළ වැඩිම ආදායමක් ලබා ඇති තරුව ලෙසට කිරුළු පලදින්නේ ද ඔහුයි.

පසුගියදා ඉන්දියාවේ ප්‍රකාශයට පත් වූ ‘ෆෝබ්ස් ඉන්ඩියා’ සඟරාව මගින් සිදුකරන ලද සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ 2011 ඔක්තෝබර් මාසයේ සිට 2012 සැප්තැම්බර් අතර කාලය තුළදී ශාරුක් මේ ආදායම උපයා ඇති බවයි. ෆෝබ්ස් සඟරාව මඟින් මෙලෙස සමීක්ෂණයක් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඉන්දියාවේ බලවත්ම තරු 100 දෙනා අතරින් බහුතරයක් කලාකරුවන් වීම තවත් සුවිශේෂී කරුණක්.ශාරුක් පළමු තැනට පත් වු මෙම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් සල්මාන් ඛාන් හා ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි විසින් හිමි කරගෙන තිබෙනවා.

ඉන්පසු ස්ථානවල සිටින්නේ ආක්ෂේ කුමාර්, අමිතාබ් භච්චන්, සචින් තෙන්ඩුල්කාර්, කරීනා කපූර්, විරේන්ද්‍ර ශෙවාග්, විරාට් ඛෝලි සහ කට්රිනා කායිෆුයි.මේ සඟරාව පවසන අන්දමට ශාරුක් තමන්ගේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වෙළඳ දැන්වීම් හා වෙනත් නිරුපණයන්ගෙන් ලබාගෙන ඇති ආදායමෙනුයි. ෆෝබ්ස් ඉන්ඩියා’ සඟරාව සඳහන් කරන්නේ 2011 ඔක්තෝබර් සිට 2012 සැප්තැම්බර් දක්වා කාලය තුළ සල්මන් ඛාන් රු. කෝටි 144.2 ක් ද, මහේන්ද්‍ර සිං දෝනි රු. කෝටි 135.16 ක් උපයා ඇති බවයි.

DON 2 chennai-express_ chennai_express YOUNG SRK YOUNG SRK shahrukhkhan Dilwale-Dulhania-Le-Jayenge shahrukh-childhood Chennai-Express- Shahrukh+Khan Shahrukh_Khan  SRK SRK FAMILY JAB THK HE JAN

Share

99 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.