SIGNIS සිනමා සම්මාන – ආධුනික කෙටි චිත්‍රපට කරුවන් ඇගැයේ

Avatar Nisanka Weheraduwa | June 26, 2018 125 Views 0 Likes 0 Ratings

125 Views 0 Ratings Rate it

දේශීය සිනමාව සහ රූපවාහිනී කලාවේ විශිෂ්ටයින් ඇගයීම සඳහා වන සම්මාන උළෙල කීපයක් වසරක් පාසා පැවැත්වෙනවා. ඒ අතර ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව පැවැත්වෙන ප්‍රධාන ධාරාවේ සම්මාන උළෙලක් ලෙස SIGNIS සම්මාන උළෙල හැඳින්වීමට හැකියාව තිබෙනවා. 1928 වසරේ ශ්‍රී ලංකාවේ ආරම්භ වුනු OCIC සහ Unda සංවිධාන මගින් මෙරට සිනමාව සහ රුපවාහිනි / ගුවන්විදුලි කලාව උදෙසා විවිධ අයුරින් දායකත්වය ලබාදී තිබෙන බව ඉතිහාසය විමසීමේදී දකින්නට ලැබෙනවා. OCIC/Unda සම්මාන උළෙල ආරම්භ වන්නේත් එහි එක පියවරක් වශයෙන්. 2001 වසරේ සිට මෙම සම්මාන උළෙල SIGNIS සම්මාන ලෙස නම් කොට නව මුහුණුවරකින් පවත්වාගෙන යාමට එම සංවිධානය කටයුතු කළා. සම්මාන උළෙලට නව්‍යතා රැසක්ද වසරින් වසර එකතු කරමින් එය පුළුල් කිරීමටත් සංවිධානය කටයුතු කොට තිබෙනවා.

SIGNIS සිනමා සම්මාන සඳහා මෙවර තවත් සුවිශේෂී කණ්ඩයක් එක කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙන බව නිවේදනය කළා. දිවයින පුරා විසිරී සිටින ආධුනික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් සඳහා ඇගයිමක් ලබාදීම අරමුණු කරගනිමින් සම්මාන උළෙලට සමගාමීව ආධුනික කෙටි චිත්‍රපට තරගයක් සංවිධානය කොට තිබෙනවා. මෙම තරගය සඳහා දැන් නිර්මාණ බාරගැනෙන බව සංවිධායකයින් නිවේදනය කළා.

“Director Tomorrow” ලෙස මෙම තරග අංශය නම්කොට තිබෙනවා. 2016 ජුලි මස සිට 2018 ජුලි මාසය දක්වා කාලය තුළ නිර්මාණය කළ ස්වතන්ත්‍ර කෙටි චිත්‍රපටයක් ඔබ සතුව තිබේ නම්, ඔබටත් මෙම තරගය සඳහා අයදුම් කිරීමේ හැකියාවක් තිබෙනවා. කෙටි චිත්‍රපට නිර්මාණය මිනිත්තු 2 – 15 අතර විය යුතු බව සංවිධායකයින් නිවේදනය කරනවා. ඔබේ කෙටි චිත්‍රපට නිර්මාණය අගෝස්තු 04 වැනිදාට පෙර ගෙනවිත් බාරදිය යුතු බව සඳහන්. අයදුම්පත් ලබාගැනීමට සහ තරග කොන්දේසි සඳහා 0718069085 , 0778585976 හෝ 0112 693425 දුරකථන අංක අමතන ලෙස සංවිධායකයින් දන්වා සිටිනවා. ජූරියේ තීරණය අනුව හොඳම කෙටි චිත්‍රපටය ලෙස තෝරා ගන්නා නිර්මාණය වසරේ විශිෂ්ටතම කෙටි චිත්‍රපටය ලෙස සම්මානයට පාත්රවනු ඇති. ජූරියේ විනිශ්චය අනුව තවත් නිර්මාණ 15ක් සඳහා කුසලතා සහතික පිරිනැමීමද සිදු කෙරෙනවා.

SIGNIS සම්මාන රාත්‍රියේ විශිෂ්ටයකු ලෙස අභිෂේක ලබන්නේ ඔබ විය හැකියි. ඉක්මනින් ඔබේ නිර්මාණ තරගය සඳහා යොමු කරන්න.

36039207_1666652573451145_2000574884345806848_n

 

Share

125 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.