Sonamගේ මංගල්‍ය දා Saif, Kareena සමග කේන්තියෙන් සිටියාද?
පසුගියදා ඉන්දීය ජනප්‍රිය සිනමා නිළි Sonam Kapoorගේ විවාහ මංගල උත්සවය පැවැත්වූ බව බොලිවුඩ් රසිකයින් බොහෝ දෙනෙක් දන්නවා. මේ විවාහ උත්සවය අන්තර්ජාලය හරහා ලෝකය පුරාම ප්‍රචාරය වුනා පමණක් නොවෙයි ලොව පුරා බොලිවුඩ් සිනමා රසිකයින් බොහෝ දෙනෙක් මේ උත්සවයේ අවස්ථාවන් නරඹා තිබුනා. මේ විවාහ මංගල උත්සවයට ඉන්දීය සිනමාවේ බොහෝ පිරිසක් ආරාධනා ලැබ තිබුනා.
මේ අතර බොලිවුඩ් තරු රැසක් සිටි බවත් දකින්නට ලැබුනා. බොලිවුඩ් තරු එකිනෙකා පරයන විවිධ අන්දමේ විලාසිතා වලින් අලංකාර වෙමින් මේ විවාහයට පැමිණ සිටියා. මේ අතර කරීනා කපූර් සිය සැමියා වූ සයිෆ් අලි කාන් සහ සොහොයුරිය වූ කරිෂ්මා කපූර් සමග උත්සවයට සහභාගී වීමට පැමිණ තිබුනා. ඔවුන් වාහනයෙන් බැසගත් අවස්ථාවේ සිටම මාධ්‍යවේදීන්ගේ කැමරා ඉදිරිපටදීම සායිෆ් සිය බිරිඳ වෙත කෝපය පළකරමින් සිටි බව මාධ්‍ය වාර්තා කොට තිබුනා. මේ සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඇත්තටම සායිෆ් කරීනා සමග කේන්තියෙන් සිටියාද??
Written by Nisanka Weheraduwa
