Sunny Leoneට නිවුන් දරු උපතක්
ඉන්දීය නිළි Sunny Leone හට නිවුන් දරුවන් ලැබී අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Sunny Leone සහ ඇගේ සැමියා වන Daniel Weber මිට පෙර මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දැරියක් ඔවුන්ගේ දරුවකු ලෙස බාරගෙන හදා වඩා ගනිමින් සිටියා. twitter පණිවිඩයක් නිකුත් කරමින් Sunny Leone පවසා තිබුනේ තමන්ගේ පවුල දැන් සම්පුර්ණ වී ඇති බවයි. තමා සහ සැමියා පසුගිය ජුනි මාසයේ ඒ සුභ ආරංචිය ලැබූ බවත් මිට සති කිහිපයකට පෙර ඒ දරුවන් මෙලොවට ජනිත වූ බවත් ඇය සිය පණිවිඩයෙන් පවසා තිබුනා.
Nisha Kaur Weber දියණිය පමණක් සිටි අපේ පවුලට දැන් Noah Sign Weber සහ Asher Singh Weber නමින් පුතුන් දෙදෙනෙක් සිටිනවා. මම විශ්වාස කරන්නේ මේක දෙවියන් ලබාදුන් ත්‍යාගයක් ලෙස. දැන් අපේ පවුල සම්පුර්ණ බව මට දැනෙනවා” ඇය සිය පණිවුඩයෙන් පවසා තිබුනා.
Written by Nisanka Weheraduwa
