The Newspaper – මගනොහැරිය යුතු චිත්‍රපටයක්

Avatar Nisanka Weheraduwa | July 21, 2020 1208 Views 1 Like 3 On 6 Ratings

1208 Views 3 On 6 Ratings Rate it

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් එක්කම පසුගිය මාර්තු 14 වැනිදා සිනමාශාලා වසා දැමුනා. නැවත ජූලි මාසයේදී චිත්‍රපට ශාලා විවෘත කෙරුනේ සෞඛ්‍ය අංශ නිර්දේශ වලට අනුවයි. සියලු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුව දිවයින පුරා සිනමාහල් දැන් විවෘතව තිබෙනවා. යළිත් ඔබේ විනොදාස්වාදනය සලසා ගැනීමට සිනමාව සමග එකතු වන්න අවස්ථාව තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියෙන් පස්සේ සිනමාහල් විවෘත වෙද්දීම මුලින්ම තිරගත වන්න පටන් ගත්තේ චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ “ඇවිලෙනසුලුයි” චිත්‍රපටය. ඒ CEL මණ්ඩලයේ සිනමාහල් වලදී. ඊට පසුව තිරගත වීම් ආරම්භ කලේ “The Newspaper” සිංහල චිත්‍රපටය.

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර කියන්නෙ ඔබ ඉතා හොඳින් හඳුනන වේදිකා, සිනමා සහ ටෙලි තිරයේ ජනප්‍රිය නළුවන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා මීට පෙර “තන්හා රතී රඟා” නමින් නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට තිර රචනය සිදුකළා. මෙවර ඔවුන් තිර රචනයට වගේම අධ්‍යක්ෂවරයාගේ කාර්යයටත් අත තබනවා. ඒ මේ චිත්‍රපටය හරහායි. ඔවුන්ගේ මේ චිත්‍රපටයට ආචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී.ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ නිෂ්පාදනයෙන් සම්බන්ධ වනවා. කුමාර සහ සරත් සමගින් නෙතලි නානායක්කාර, මාෂි සිරිවර්ධන, ජයලාල් රෝහණ, ගිහාන් ප්‍රනාන්දු, සරත් කුලාංග, උමයංගනා වික්‍රමසිංහ, ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වනවා. චිත්‍රපටයට පසුබිම් සංගීතය ගයත්‍රී කෙමදාසගෙන් වන අතරේම මේ චිත්‍රපටයේ අඩංගු වන එකම ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදරචනයෙන් සහ නන්දා මාලිනියගේ ගායනයෙන් හැඩවී තිබෙනවා.

දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල් වල තිරගත කෙරෙන The Newspaper චිත්‍රපටය ඔබ තවමත් නැරඹුවේ නැතිනම්, දැන් සෞඛ්‍යාරක්ෂිතව චිත්‍රපටය නැරඹීමට ඔබට අවස්ථාව තිබෙනවා. ඒ වගේම ඔබ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෝ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙක් නම්, නැතිනම් මාධ්‍යවේදියෙක් නම්, ඔබට නොමිලේ මේ චිත්‍රපටය ඔබට ලඟම සිනමහලෙන් නැරඹීමට හැකියාව තිබෙනවා.

 

Share

1208 Views 3 On 6 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.