THE NEWSPAPER චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට

Avatar Nisanka Weheraduwa | June 26, 2020 788 Views 1 Like 3.67 On 3 Ratings

788 Views 3.67 On 3 Ratings Rate it

ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ “The Newspaper” සිංහල චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. අචාර්ය බන්දුල ගුණවර්ධන, එච්.ඩී.ප්‍රේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ විසින් නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයට කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, නෙතලි නානායක්කාර, ගිහාන් ප්‍රනාන්දු, මාෂි සිරිවර්ධන, ජයලාල් රෝහණ,සරත් කුලාංග, ගිරිරාජ් කෞශල්‍ය, අජිත් ලොකුගේ, ආනන්ද කුමාරඋන්නැහැ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න පදරචනා කළ ගීතයක් චිත්‍රපටයට ඇතුළත් කොට තිබෙනවා. විශාරද නන්දා මාලනියගේ හඬින් ගැයෙන මේ ගීයට තනු නිර්මාණය කලේ ගයත්‍රී කේමදාස විසින්.

කොරෝනා වසංගතයට පසුව සිනමාහල් ජුනි 27 වැනිදා නැවත විවෘත කෙරෙන අතර ජූලි 02 වැනිදා සිට මේ චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතයි. චිත්‍රපටයේ නිළ පුර්ව ප්‍රචාරක පටය දැන් අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.

Share

788 Views 3.67 On 3 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.