WALV විදෙස් කෙටි චිත්‍රපට උළෙලකට
දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙල (South asian short film festival) මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විවිධ ආසියාතික රටවල නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ මේ උළෙලට යොමුකොට තිබෙනවා. ඒ අතුරින් තරගකාරී අංශය නියෝජනය කරන කෙටි චිත්‍රපට කවරේදැයි මේ වනවිට නම්කොට තිබෙනවා. ශ්‍රී ලංකාවේ කෙටි චිත්‍රපට නිර්මාණ කරුවන් දෙදෙනෙකුගේ නිර්මාණත් මෙවර උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. මහසෙන් කලහේ අධ්‍යක්ෂණය කළ “වෑල්” (WALV) කෙටි චිත්‍රපටයත් මෙවර උළෙලේ තරගකාරී අංශය නියෝජනය කරනවා.
වෑල් කෙටි චිත්‍රපටය ඔබ අප සැමට පුරුදු වෑර්ලස් යන්ත්‍රය සහ එහි තරංග පාදක කරගෙන නිර්මාණය වුනු අපූරු නිර්මාණයක්. එහි පිටපත සහ අධ්‍යක්ෂණය මහසෙන් කලහේ විසින් සිදුකොට තිබෙනවා. කුලරුවන් ගමගේ කැමරාකරණයෙන් දායක වී අති මේ නිර්මාණය මලින්ද හිද්දැල්ලආරච්චි විසින් සංස්කරණය කොට තිබෙනවා. මෙවර දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙලේ තරගකාරී අංශයේ නියෝජනය කරන මේ කණ්ඩායමට cinema.lk සුබ පැතුම් එක්කරනවා.
Written by Nisanka Weheraduwa
