ඔරු අනතුරෙන් ආශා වැවට
344 Views
1
On 1 Rating
Rate it
ජනප්‍රිය ටෙලි නිළියක් වන ආශා එදිරිසිංහ ඔරු අනතුරකට ලක්වී ඇතැයි වාර්තා වේ. ඇය මෙම අනතුරට ලක්ව ඇත්තේ ආශා විසින්ම නිෂ්පාදනය කරනු ලබන ‘අළු බදුන’ ටෙලි නාට්‍ය යේ රූගත කිරීමක් අතරතුරේ දීය. මේ සිදුවීමට ඇය මුහුණදී ඇත්තේ කරතගම ගෝතමී නම් දුෂ්කර ගමනක දීය.
මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සුද්දී නම් චරිතයට පණ පෙවූ ආශාට චරිතය අනුව ඔරුවක් පෙරළීමේ අනතුරකට මුහුණ දීමට සිදුව තිබේ.
අදාල රූගත කිරීම සිදුකළ ස්ථානයේ තරමක් වතුර තිබී ඇති අතර දර්ශණය රූගත කිරීමට ඔරුව පෙරළුවද ආශාගේ එක් කකුළක් ඔරුවේම රැඳී ඇත. ඒ නිසා ඇයගේ කකුළ
පෙරලී දින කිහිපයක් යන තෙක් ඇයට රූගත කිරීම් වලින්ද ඉවත් ව සිටීමට සිදුව ඇත. මේ අනතුර සිදුවන අවස්ථාවේ ඇයට වැව් වතුර ද පෙවී ඇති බව වාර්තා වේ.
344 Views
1
On 1 Rating
Rate it
Written by Cinema.lk