ප්‍රංශ සිනමා දැක්ම 28,29,30 දිනයන් හි පැවැත්වේ

Avatar Cinema.lk A | March 28, 2014 51 Views 0 Likes 0 Ratings

51 Views 0 Ratings Rate it

කැනඩා මහ කොමසාරිස් කාර්යාලය, ප්‍රංශ, රොමේනියා, ස්විට්සර්ලන්ඩ් තානාපති කාර්යාලය, ටියුනීසිය, කවුන්සිල්,ප්‍රංශ සංස්කෘතික ආයතනය සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව සහ අජෙන්ඩා 14 එකමුතුවෙන් සංවිධානය කර ඇති ප්‍රංශ සිනමා දැක්ම 28,29,30 යන දිනයන් හි ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ. ප්‍රංශය, ස්විට්සර්ලන්තය, කැනඩාව සහ රොමේනියාව  යන රටවල චිත්‍රපටයන් තිරගත වන මෙම සිනමා උළෙල නම් කරලා තියෙන්නේ “බොන්ෂුවා සිනමා දැක්ම“ නමිනුයි.

සිනමා කිවිඳිය සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා විශේෂ ආරාධිතයන් පිරිසකගෙන් පමණක් ආරම්භ වු මෙම සිනමා උළෙල සිනමාරසිකයන් සදහා විවෘත වන්නේ 29 වන දා උදෑසන 11.00 තිරගත වන ෆ‍්‍රාන්ෂුවා පිරෝගේ මොබයිල් හෝම් සිනමාපටය සමඟිනි.එදින සවස 3 ට ඌෆුක් එමිරොග්ලු අධ්‍යක්ෂණය කළ මයි ෆාදර් රෙවලුෂන් ඇන්ඩ් මී ස්විස්ටර්ලන්ත සිනමාපටය ද, සවස 6 ට ලුෂන් ජෝර්ජස්කුගේ ෆැන්ටමි ෆාදර් රුමේනියානු සිනමාපටය ප්‍රදර්ශනය වෙයි.

30 වැනිදා චිත්‍රපට තිරගත වන්නේ මෙසේය.

උදෑසන 11 ට කැනඩාවේ ෆර්නැන්ඩි ඩෙසරුගේ ද හෝප් බිල්ඩර්ස් චිත්‍රපටය ද, සවස 3 ට ඩෙනිස් පොඩල්ඩස්ගේ ග්‍රැනිස් ෆියුනරල් චිත්‍රපටය ද, සවස 6 ට ස්විට්සර්ලන්තයේ මැනුවෙල් ෆොන් ස්ටාලර්ගේ වින්ටර් නොමැඩිස් වාර්තා චිත්‍රපටය ද තිරගත වෙයි.

මෙහිදී තිරගත වන සෑම සිනමාපටයකටම ප්‍රථම මෙරට නිර්මාණකරුවන්ගේ කෙටි චිත්‍රපටය බැගින් ප්‍රදර්ශනය වේ. බොන්ෂුවා සිනමා දැක්ම ඕනෑම සිනමාලෝලියකු සඳහා විවෘතය

 

 

 

 

 

Share

51 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.