එක් දිනකදී වැඩිම පිරිසක් බැලූ චිත්‍රපටය?
රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සෝමරත්න දිසානායක අධ්‍යක්‍ෂණය කළ “සිරිපැරකුම්” ප‍්‍රදර්ශණය ආරම්භ වීමට ප‍්‍රථමයේදී සිටම කතා බහට ලක්වූයේ පිටපත් ප‍්‍රමාණයේ අර්බූදය සමගය. එහිදී සියල්ල අභිබවා සෝමරත්න ගේ “සිරිපැරකුම්” පසුගිය 31වන දා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමා ශාලා 51ක තිරගතවීම ආරම්භවූයේ වාර්ථාවක් ද සමගිණි .ඒ ප‍්‍රදර්ශණය ආරම්භ වී දින හතරක වැඩිම ආදායම් ඉපැයූ ලංකාවේ ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙසය .
දැන් “සිරිපැරකුම්” සිංහල සිනමාවේ ඵෙතිහාසික දෙවන වාර්ථාව තැබීමට ද සමත් වී ඇත. ඒ පසුගිය ඉරුදින එනම් 16වන දින “සිරිපැරකුම්” නැරඹීමට ලංකාව පුරා ඇති සිනමා ශාලාවල් වලට එක් රැස්වු පේ‍්‍රක්‍ෂක ජනතා සංඛ්‍යාව 53,962කි. මෙය ලංකා සිනමා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට තැබූ වාර්ථාවක් බව එහි නිෂ්පාදිකා රේනුකා බාලසූරිය පැවසීය. එදින ට පමණක් ලැබූ ආදායම රුපියල් හැත්තැ හය ලක්‍ෂ අසූ හයදාස් නවසිය දහ නවයකි. එය එක් දිනක් තුළ සිනමා නිර්මාණයක් ලැබූ වැඩිම ආදායම වේ.
FULL FILM REVIEW
Written by Cinema.lk