සිනමාවද, පුංචි තිරයද, වේදිකාවද කියලා වෙනසක් නෑ – උද්දික ප්‍රේමරත්න
සමනළ සංධ්වනිය කියන්නේ හෙළ සිනමාව යළිත් ස්වර්ණමය යුගයක් කරා ගෙන යන ගමනට උර දෙන්න,තැණුනු අපුර්ව සිනමා පටයක්.මේ චිත්‍රපටය සංගීතයෙන් පිරි සිනමා අත්දැකීමක් එක් කලද මෙහි වු රංඟනයන්ද සංගීතය මෙන්ම කතා බහට ලක් වුයේ එහි වු එක් චරිතයක් නිසාවෙනි.වාදීෂ දේවමින්ද වික්‍රමනායක…සිනමා සිතුවමේ දෙයාකාරයකින් ඔබ වෙතට ආ වාදීෂ රූපයෙන් මෙන්ම රංඟනයෙන්ද මිනිසුන්ගේ සිත් ඇඳබැද ගත්තා.
උද්දික ප්‍රේමරත්න…ජනප්‍රිය වාදීෂගේ හිමිකරුවා.මෙතෙක් කාලයක් ටෙලි සිතුවම් තුළින් පමණක් තමන්ගේ දක්ෂතා පෙන්නුම් කළ ඔහු මෙවර රීදි තිරයද තම අණසකට නතු කරගත්තේ තමන්ට රංඟනයේදී කෝකත් එකැයි යැයි පසක් කරමිනි.මේ චිත්‍රපටයේ එන ගීත ජවනිකා වලදී අමරසිරි පීරිස් නම් ගායකයා ගායනා කරන ගීත උද්දිකගේ ස්වරයෙන් අපට මැවෙන්නේ උද්දික,වාදීෂට සත්තකින්ම සම වැදී ඇති නිසාවෙන්මයි.මේ උද්දික චිත්‍රපටය ගැන මාධ්‍ය වෙත පළ කළ අදහසකින් බිඳක්
“මාව යෝජනා කරන්නේ දර්ශන රුවන්. ඒ වෙනකොට ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මගේ නිර්මාණවලින් මාව දැකලා තිබුණෙත් නෑ… නමුත් අපේ පළමු හමුවීමෙන්ම මාව තෝරා ගත්තා… ඔහුට හිතෙන්නට ඇති ඔහුගේ හිතේ හිටපු වාදීෂට මාව ගැළපෙයි කියලා. ටෙලි නළුවන්ට සිනමාව ජයගන්න බෑ කියලා දෙයක් නෑ.හුඟක් අයට හුඟක් දේ කියන්න පුළුවන්… ඒ කියන හැමදෙයක්ම හරියන්නෙත් නෑ… වරදින්නෙත් නෑ… හැබැයි මම නම් හිතන්නේ සිනමාවද, පුංචි තිරයද, වේදිකාවද කියලා වෙනසක් නෑ. ලැබෙන දේ සහ කරන දේ හරියට කළොත් වරදින්නේ නෑ.“
Written by Cinema.lk A