විසංගමනය (Isolation) දැන් දිවයින පුරා සිනමා හල්වලදී

Avatar Kavinu Weerakkody | July 12, 2023 375 Views 0 Likes 0 Ratings

375 Views 0 Ratings Rate it

“විසංගමනය (Isolation)” මේ දිනවල තිරගත වෙමින් තිබෙන නවතම සිංහල සිනමාපටයයි. වෙනස්ම කතා තේමාවක් අනුව ගොඩ නැඟුණු Drama | Thriller නිර්මාණයක් වන එය, පසුගිය ජූලි 07 වනදා සිට දිවයින පුරා පිහිටි MPI මණ්ඩලය ඇතුළු සිනමාශාලා ගණනාවක තිරගත වීම ඇරඹුනා.

මේ වන චිත්‍රපටය සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබෙන අතර සිනමා විචාරකයින්, අධ්‍යක්ෂකයින් සහ රසිකයින්ගේ ධනාත්මක ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසකුත් ඊට ලැබෙමින් තිබෙනවා. මේ වනවිටත් ජාත්‍යන්තර මට්ටමේ සම්මාන උළෙල ගණනාවක් නියෝජනය කිරීමටත්, එයින් සම්මාන උළෙල කිහිපයකදීම සම්මානයෙන් පිදුම් ලැබීමටත් විසංගමනය සිනමා නිර්මාණයට හැකි වූවා.

චිත්‍රපටයෙ හි කතාව ගෙතී යන්නේ ජගත් නැමැති ධනවත් පුද්ගලයා සහ ජගත්ගේ ක්‍රියාකලාපය නිසා ඔහුගේ පවුලේ සමීපතමයින්ට මුහුණ දෙන්නට සිදුවන ගැටළුකාරී තත්වය වටායි.
“ජගත්” ගුරු යුවලකගේ පුත්‍රයා වන අතර ඔහු අධික ලෙස මුදල් පසු පස හඹා යන, ධනවත් වීමට කෑදර චරිතයක්. සිය ජීවිතයේ සෑම දෙයක්ම මුදලට යට කරන ඔහු සිය විවාහය සිදු කර ගන්නේ ද තවත් ධනවත් වීම සඳහාම පමණයි. මිනිස් ජීවිතයට වඩා මිල මුදල්වලට ප්‍රමුඛස්ථානය දෙන ජගත් අවසානයේදී මිනිස් අවයව ජාවාරමක් පවා මෙහෙයවන්නට පටන් ගන්නේ තවත් ධනවත් වීමේ අරමුණෙනුයි. ජගත්ට මැදිවෙන රුක්ෂානි සහා ඊෂාට සිදු වන්නේ ද ඔහුගේ බලකිරීමට යටවී අකැමැත්තෙන් හෝ ඔහු සමඟින් ජීවත් වීටමයි.
මිනිසත්කම වෙනුවට මුදලට මුල් තැන දී ගෙවෙන මොවුන්ගේ ජීවිතවලට අත් විඳින්නට සිදු වන සිදුවීම් පෙළයි, “විසංගමනය (Isolation)” චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ…

මෙය රන්ජන් ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයක් වන අතර ඔහු සිනමා අධ්‍යක්ෂණයට පිවිසි පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. චිත්‍රපටය නිෂ්පාදනය කොට තිබෙන්නේ මහේෂ් විජේරත්න විසිනුයි. උපාලි ගම්ලත් විසංගමනයෙ හි තිර පිටපත් රචකයායි. කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වී තිබෙන ඔහු කළු හිම සහ ගුරු ගීතය චිත්‍රපට ද්විත්වයේ අධ්‍යක්ෂකවරයා ද වනවා.

සිනමාපටයෙ හි නිල පූර්ව ප්‍රචාරකපටය පහතින්:

“විසංගමනය (Isolation)” චිත්‍රපටයෙ හි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ සමඟින් සමනලී ෆොන්සේකා යි. ඊට අමතරව ඩග්ලස් රණසිංහ, චින්තක කුලතුංග, උදිත් අබේරත්න, බන්දුල සූරිය බණ්ඩාර, චරිත් අබේසිංහ, නිරෝෂන් විජේසිංහ වැනි ප්‍රවීණ සහ නව පරපුරේ ජනප්‍රිය නලු නිළියන් රැසක්ම මෙයින් දැකගත හැකියි. ප්‍රවීණ රංගවේදිනී හයසින්ත් විජේරත්න මහත්මිය විසින් අවසන් වතාවට තම රංගන දායකත්වය ලබාදුන් සිනමාපටය වන්නේ ද විසංගමනය (Isolation) යි.

මේ වනවිට ජාත්‍යන්තරව පිළිගත් මට්ටමේ සිනමා උළෙල රැසක් නියෝජනය කරමින්, කිහිප වතාවක්ම ඒවායේදී ප්‍රදර්ශනය වුනු විසංගමනය සිනමාපටය, අන්තර්ජාතික සම්මාන කිහිපයකුත් ජයග්‍රහණය කළා.

Golden Leaf International Film Festival – ඉන්දියාව – විශේෂාංග චිත්‍රපට අංශයේ හොඳම මංගල චිත්‍රපට නිෂ්පාදකයා
Port Blair International Film Festival – ඉන්දියාව – හොඳම ප්‍රාරම්භක සිනමාකරුවා
Student World Impact Film Festival – ඇමරිකාව – හොඳම විශේෂාංග චිත්‍රපටය
Student World Award – ඇමරිකාව – හොඳම චිත්‍රපටය
My Cinema Global Film Festival – හොඳම විශේෂාංග චිත්‍රපටය
Rome Prisma Film Awards – ඉතාලිය – නිල තේරීම
Los Angeles Lift Off Film Festival – ඇමරිකාව – නිල තේරීම
London Lift Off Film Festival – එක්සත් රාජධානිය – විශේෂාංග චිත්‍රපට අංශයේ හොඳම ප්‍රාරම්භක චිත්‍රපට නිෂ්පාදකයා
Toronto Lift Off Film Festival -කැනඩාව – නිල තේරීම
Tokyo Lift Off Film Festival – ජපානය – නිල තේරීම
New York Lift Off International Film Festival – ඇමරිකාව – නිල තේරීම
Los Angeles Lift Off International Film Festival – ඇමරිකාව – නිල තේරීම
Stockholm City Film Festival – ස්වීඩනය – විශේෂාංග චිත්‍රපට අංශයේ හොඳම අධ්‍යක්ෂණය
Andaman & Nicobar Island Film Festival – ඉන්දියාව – හොඳම චිත්‍රපට නිෂ්පාදකයා

විසංගමනය සිනමා නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂකවරයා වන්නේ තිසුල දීප තඹවිටයි. සමන්ත පෙරේරාගේ සංගීතයෙන් හැඩ වුනු චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය සිදු කර තිබෙන්නේ සශින් ගිම්හාන් පෙරේරා විසිනුයි. සංස්කරණය තිසර ධනංජයගෙනි. වර්ණ සංයෝජනය ප්‍රවීන් ජයරත්නගෙනි. චන්දන ප්‍රියංකර කලා අධ්‍යක්ෂකවරයායි. සහාය අධ්‍යක්ෂණයෙන් එක්ව තිබෙන්නේ තරංග නිරිඇල්ලයි. තිස්ස ලියනාරච්චි මෙහි විධායක නිෂ්පාදකවරයා ලෙස සම්බන්ධ වී තිබෙනවා. වේෂ නිරූපණය ප්‍රියන්ත තිලක් රත්නායකගෙනි.
සමන්ත පෙරේරා සහ දිනිත් අභිෂේක් විසංගමනය චිත්‍රපටයේ ගීත ගායනයෙන් එක්ව තිබෙන අතර ගීත රචනය රත්න ශ්‍රී විජේසිංහ සහ නන්දන ප්‍රේමචන්ද්‍ර එකතුවෙනි. පූර්ව ප්‍රචාරකපටය නිර්මාණය කළේ ශාන් අල්විස් විසිනි.

පහතින් දැක්වෙන්නේ මේ දිනවල දිවයින පුරා සාර්ථකව තිරගත වන විසංගමනය (Isolation) චිත්‍රපටය ප්‍රදර්ශනය වන සිනමා හල් ලැයිස්තුවයි.

රිකී – කොටුව
රීට්ස් – බොරැල්ල
PVR – වන් ගෝල් ෆේස්
MC – බම්බලපිටිය
සැවෝයි මෙට්‍රෝ – මහරගම
ස්කයි ලයිට් – මාලඹේ
සැවෝයි මෙට්‍රෝ – ගම්පහ
හිමාලි – කිරිබත්ගොඩ
රීගල් – දෙමටගොඩ
රීගල් – ගම්පහ
රීගල් – අම්බලන්ගොඩ
රීගල් – කටුබැද්ද
KCC – මහනුවර
විල්මැක්ස් – අනුරාධපුර
රෝයල් – මීගමුව
ශැම්රොක් – වෙන්නප්පුව
ඒමීස් – මොරටුව
මිනෙර්වා – කළුතර
වින්ස් – වාද්දූව
මහලේකම් – කුලියාපිටිය
ආසිරි – ඇහැලියගොඩ
ජෝති – රත්නපුර

Share

375 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.