ඔබට ඔබවත් මට මාවත් මුහුණට මුහුණ හමුවන තැන

Avatar Nisanka Weheraduwa | June 28, 2019 131 Views 0 Likes 0 Ratings

131 Views 0 Ratings Rate it

“දැකල පුරුදු කෙනෙක්” පසුඉය කාලයේ සිනමාලෝලීන් අතර බොහෝසෙයින් කතාබහට ලක්වුණු චිත්‍රපටයක්. මලිත් හෑගොඩ කුළුඳුල් සිනමා නිර්මාණය ලෙස ජනගත කෙරුණු මේ චිත්‍රපටයට බොහෝ සුභවාදී ප්‍රතිචාර හිමිවුණා. ඒ නිසාම මේ චිත්‍රපටය ගැන විද්වත් සිනමා කතිකාවක් ඇතිකරන්න සමාජය හා සාමයික කේන්ද්‍රය කටයුතු කොට තිබෙනවා. එළඹෙන සෙනසුරාද එනම්, ජුනි 29 වැනිදා පැවැත්වෙන මේ වැඩසටහන නම්කොට තිබෙන්නේ “ඔබට ඔබවත්, මට මාවත් මුහුණට මුහුණ හමුවන තැන” යනුවෙන්.

එදින සවස 1.00ට දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටය තිරගත කිරීම සිදුවනවා. ඉන් පසුව සිනමා සංවාදය ආරම්භ කිරීමට නියමිතයි. ජ්‍යෙෂ්ට කථිකාචාර්ය සමන්තිකා ප්‍රියදර්ශනී, විචාරක දීප්ති කුමාර ගුණරත්න, විචාරක තිවංක විශ්වනාත් ජයසේකර සහ විචාරක ගීතිකා ධර්මසිංහ මේ සංවාද මණ්ඩපයට එක්වීමට නියමිතයි. සිනමා සංවාද මණ්ඩපය මෙහෙයවීම නුවන් ජූඩ් ලියනගේ විසින් සිදුකෙරෙනු ඇති. මේ වැඩසටහන සඳහා සහභාගී වනලෙස සිනමාවට ලැදි ඔබට සංවිධායකයින් විවෘත ආරාධනයක් කරනවා.

Share

131 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.