ජනාධිපති සම්මාන – 2017 වසරේ සම්මානිත විශිෂ්ටයෝ

Avatar Nisanka Weheraduwa | July 30, 2019 421 Views 0 Likes 0 Ratings

421 Views 0 Ratings Rate it

සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි

නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පසුගිය 26 වෙනිදා නිමාව දුටු 19 වෙනි ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී , 2017 වර්ෂයේ තිරගත වූ සිනමාපට 27 අතුරින් වසරේ විශිෂ්ටතම සිනමාපටය ලෙසින් කිරුළ දැරීමට ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කල සහ SKY Entertainers (Pvt) Ltd , Film Equipment Gallery (FEG), Film Garage සහ Cognitive Eagle ආයතන එක්ව නිෂ්පාදනය කල ‘විසි අට’ සිනමාපටය සමත්වූ අතර, එහිදී එම වසරේ ජන ආකර්ශනීයම සිනමාපටය ලෙසින් චෙයියාර් රවී අධ්‍යක්ෂණය කල සහ මහරාජා එන්ටර්ටෙයින්මන්ට් ආයතනය නිෂ්පාදනය කල ‘ධර්මයුද්ධය’’ සිනමාපටය සම්මානයට පාත්‍රවිය. මෙහිදී 2017 වසර වෙනුවෙන් සිනමාපට 10ක් සම්මාන 34කින් පිදුම් ලැබීමට සමත්වූ අතර, එහිදී වැඩිම සම්මාන ලද සිනමා සිත්තම ලෙසින් පෙරමුණ ගැනීමටද ‘විසි අට’ සිනමාපට සමත්විය.

2017 ජූරි මණ්ඩලය :-
පැට්ට්‍රික් රත්නායක (සභාපති)/ සේන නානයක්කාර/ ප්‍රභා මනුරත්න/ සුනිල් රණසිංහ/ එස්. විශ්වනාදන්/ සෙනේෂ් දිසානායක බණ්ඩාර

2017 සම්මාන විසිරීම:-
විසි අට – සම්මාන 07/ පහ සමත්- සම්මාන 06/ අලෝකෝ උදපාදි- සම්මාන 05/ කාල – සම්මාන 05/ ස්වරූප- සම්මාන 03/ නිනෝ ලයිව්- සම්මාන 02/ ධර්මයුද්ධය- සම්මාන 02/ ඒ ලෙවල්- සම්මාන 02/ සුළඟ ගිනි අරන්- සම්මාන 01/ නිම්නයක හුදකලාව- සම්මාන 01

ජූරි සම්මාන ඛාණ්ඩය:-
oවිශිෂ්ටතා සම්මාන:
•හොඳම චිත්‍රපටය: විසි අට
•හොඳම අධ්‍යක්ෂකවරයා: ප්‍රසන්න ජයකොඩි (විසි අට)
•හොඳම තිරරචනය: ප්‍රසන්න ජයකොඩි (විසි අට)
•හොඳම නිළිය: සේමිනි ඉද්දමල්ගොඩ (විසි අට)
•හොඳම නළුවා: මහේන්ද්‍ර පෙරේරා (විසි අට)
•හොඳම සහාය නිළිය: නීටා ප්‍රනාන්දු (ස්වරූප)
•හොඳම සහාය නළුවා: රොෂාන් රවීන්ද්‍ර (සුළඟ ගිනි අරන්)
•හොඳම නැගීඑන නිළිය: යුරේනි නොෂිකා (නිනෝ ලයිව්)
•හොඳම නැගීඑන නළුවා: ෂම්මු කසුන් (අලෝකෝ උදපාදි)
•හොඳම හාස්‍යඋත්පාදක රංගනය (සම): ගිරිරාජ් කෞෂල්‍ය (පහ සමත්), ප්‍රියන්ත සෙනෙවිරත්න (පහ සමත්)
•හොඳම කැමරාකරණය: චන්න දේශප්‍රිය (නිම්නයක හුදකලාව)
•හොඳම සංස්කරණය:රංගන සිංහාරගේ (විසි අට)
•හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය: මිලින්ද තෙන්නකෝන් (අලෝකෝ උදපාදි)
•හොඳම ශබ්ද සැලසුම්කරණය: සසික රුවන් මාරසිංහ (අලෝකෝ උදපාදි)
•හොඳම කලා අධ්‍යක්ෂණය: නුවන් සනුරංඛ (විසි අට)
•හොඳම අංග රචනය: රංජිත් මතඟවීර (ස්වරූප)
•හොඳම ගී පද රචනය: රජී වසන්ත වෙල්ගම (සියොවැ ආමි- කාල)
•හොඳම ගී තනු නිර්මාණය: දර්ශන රුවන් දිසානායක (සියොවැ ආමි- කාල)
•හොඳම පසුබිම් ගායකයා: තුසිත් සිම්ප්සන් (සියොවැ ආමි- කාල)
•හොඳම පසුබිම් ගායිකාව: උමාලි තිලකරත්න (මෙතරම් සොඳුරු රැයක්- නිනෝ ලයිව්)

oජූරියේ විශේෂ සම්මාන:
•ජයලත් මනෝරත්න (‘ඒ ලෙවල්” හි රංගනය වෙනුවෙන්)
•දර්ශන් ධර්මරාජ් (‘අලෝකෝ උදපාදි ‘හි රංගනය වෙනුවෙන්)
•චත්‍ර වීරමන් (‘අලෝකෝ උදපාදි ‘හි දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන්)

oකුසලතා සම්මාන:
•සචිර විජේසිංහ (‘ඒ ලෙවල්” හි රංගනය වෙනුවෙන්)
•රිනීද සිල්වා (‘ස්වරූප’ හි රංගනය වෙනුවෙන්)
•හිමාෂ මනුප්‍රිය (‘කාල’හි ‘අරුණළු ගීය ගයන’ ගීතය ගායනය වෙනුවෙන්)

oජූරියේ විශේෂ ඇගයීම් සහතික පත්‍ර:
•අමිරු කෝරළගේ, ශාරද් චන්දුම, සේජාන් හංසන, කිවිඳි කසුන්දරා (‘පහ සමත්’ හි රංගනය වෙනුවෙන්)
•ජලේෂ් චාරුනේත්‍ර (‘කාල’හි රංගනය වෙනුවෙන්)
•විනුමි වින්සදී (‘ධර්මයුද්ධය’හි රංගනය වෙනුවෙන්)

ජනප්‍රිය සම්මාන ඛාණ්ඩය:-
•වසරේ වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ චිත්‍රපටය: ධර්මයුද්ධය
සටහන – උදිත ලක්මාල් කහඳවාරච්චි

Share

421 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.