9F පන්තියේ Naina Matur ගුරුතුමිය හමුවුනාද..?

Avatar Nisanka Weheraduwa | March 27, 2018 65 Views 0 Likes 0 Ratings

65 Views 0 Ratings Rate it

Yash raj Films ඉදිරිපත් කරන අලුත්ම චිත්‍රපටය මේ දිනවල අති සාර්ථක අයුරින් තිරගත වනවා. ඉන්දියානු සිනමාහල් වල පමණක් නොවෙයි ලොව පුරා විවිධ සිනමා සම්මාගම් හරහා මේ චිත්‍රපටය සමගාමිව නිකුත් කෙරුනා. චිත්‍රපටයේ නම ඇසු පමණින් බොහෝ දෙනෙකුට මේ පිළිබඳව මතකයට නැගේවි. Hichki යනුවෙන් ඔවුන් චිත්‍රපටය නම් කොට තිබෙනවා. අවම පහසුකම් සහිත (this is not an elite school ලෙස චිත්‍රපටයේ කියවෙන) පාසලකට අලුතින් පත්ව යන ගුරුවරියක් වටා මෙහි කතාව ගොඩනැගෙනවා. ඇය තරමක් විශේෂී ගුරුවරියක්. ඒ ඇය කුඩා කාලයේ පටන් පෙලෙන මොළය සම්බන්ධ  ගැටළුවක්  හේතුවෙන්. Tourette syndrome නම් වන ව්‍යාධියකින් පෙලෙන ඇය කුඩාකල පටන් ආසා කළ වෘත්තීය ගුරුවරියක් වීම. ඒ වෙනුවෙන් ඇය   කරන ලද කැපවීම අතිවිශාලයි. අවසානයේ ඇය මෙම පාසලේ ගුරුවරියක ලෙස පත්වන්නේ 9F පන්තියටයි. එතැන් පටන් ඒ සිසුන් වෙනුවෙන් ඇය සිදුකරන කැපකිරිම් චිත්‍රපටය හරහා ගෙන එනවා.

බොලිවුඩ් නිෂ්පාදනයක් වුනු Front of the class චිත්‍රපටයේ එන Brad Chohen මෙම රෝගයෙන්ම පෙළුණු තවත් අයෙක්. ඔහු දැවැන්ත වෙහෙසක් දරා අවසානයේ ප්‍රාථමික පන්තියක ගුරුවරයකු ලෙස රැකියාව ලබා ගන්නවා. අවසානයේ ඔහු වසරේ හොඳම ගුරුවරයා ලෙස සමාන ලබා ගන්නේ ප්‍රේක්ෂකයාගේ නෙතට කඳුලක් එක් කරමින්. නමුත් යෝරෝපා රටකට සාපේක්ෂව ඉන්දියාවේ තත්වය සම්පුර්ණ වෙනස්. ඒ නිසාම Front of the class චිත්‍රපටය ඇසුරින් නිර්මාණය කළද Hichki සඳහා නව්‍යතා රැසක් එක්ව තිබෙනවා. මෙහි නයිනා ගුරුවරියට හමුවන සිසුන්ගේ තත්වය සම්පුර්ණ වෙනස්. පහල සමාජ මට්ටමක යැයි සැලකෙන ළමුන් පිරිසක් මුරණ්ඩු සහ ඉගෙනීමට ලැදියාවක් නැති නිතර රණ්ඩු කරන ගුරුවරයින්ට ගෞරවයක් නැති “නරක” යයි පාසල පුරාම සම්මත වුනු සිසු පිරිසක් මේ පන්තියේදී ඇයට හමුවනවා. නමුත් ඇය දැඩිව විශ්වාස කරන අදහසක් චිත්‍රපටයේදී ගෙන ඒමට ඔවුන් කටයුතු කොට තිබුනා. ඒ “There are no bad students, only bad teachers” යන අදහසයි. ඒ අනුව නරක යැයි නොහැකි යැයි හංවඩු ගසා තිබූ සිසු පිරිසක් සාර්ථකත්වය කරා ගෙනයන අයුරු මෙම චිත්‍රපටය හරහා නිර්මාණය කොට තිබෙනවා.

Siddharth P. Malhothra අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ දෙබස් Ankur Chaudhry ගෙන්. තිර පිටපත Ankur, Siddharth, Amba Hadap සහ Ganesh Pandit විසින් සිදුකොට තිබෙනවා. විනාඩි 118ක ධාවන කාලයක් පුරා චිත්‍රපටය දිගහැරෙනවා. මෙහි ප්‍රධාන භූමිකාව වන නෙයිනා මතුර් ගුරුවරියගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ අති දක්ෂ බොලිවුඩ් නිළියක වන රාණි මුඛර්ජි විසින්. ඇය වසර දෙකහමාරකට පසුව දායක වුනු චිත්‍රපටය මෙය බව පවසා තිබුනා. “අවුරුදු 2.5ක් රඟපෑමෙන් අයින් වෙලා බබාගේ වැඩ කටයුතු කරගෙන domestic ජිවිතයක හිටපු මට ආපහු Acting වලට එන ඒක ඒ තරම් ලේසි වුනේ නැහැ. මම මුලින් මේ වැඩේ බාරගන්න බැහැ කිවුවා. මටම confidence තිබුනේ නැහැ වැඩ කරන්න. එත් මේ ටීම් එකෙන් ලැබුණු සහයෝගය ඉතාම ඉහලයි. දවස් දෙක තුනක් සෙට් එකට ගියහම ආපහු පරණ රාණි මුඛර්ජිව මට දැනෙන්න පටන් ගත්තා. මම හිතනවා මම මගේ උපරිමය කළා කියලා” ඇය මේ චිත්‍රපටය පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍ය වෙත පවසා තිබුනා. ඉන්දියානු රුපියල් කොටි 20ක් චිත්‍රපටයේ සමස්ත වියදම ලෙස සඳහන් වනවා. තිරගත වීම් අරඹා මුල් දින තුන ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 15ක් ආදායම් ලබා ඇති බව සඳහන් වනවා.  ඔබටත් ශ්‍රී ලංකාවේදී නෙයිනා මතුර් හමුවීමට දැන් හැකියාව තිබෙනවා.

Share

65 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.