දෝණි මුල් සති 3 තුළ ලක්ෂ 300 සීමාව පහුකරයි

Avatar Cinema.lk A | February 3, 2014 196 Views 0 Likes 0 Ratings

196 Views 0 Ratings Rate it

සුනිල් ටී කරන කිසිම චිත්‍රපටයක් පාඩු ලබන්නේ නැ කියන කතාව ක්ෂේත්‍රයේ තුළ ප්‍රසිද්ධ කාරණාවක්.ඒ කතාව ඇත්ත..මොකද තමන්ගේ 54 වෙනි නිෂ්පාදනය වශයෙන් එළිදැක්වුනු “දෝණි“ සිනමා පටයද මේ වන විට ඉතා හොඳ ආදායමක් උපයා අවසන්.සුනිල් ටී කියන විදියට මේ සිනමා පටය මුල් සති තුන නිම වෙද්දී ලක්ෂ 300ක පමණ ආදයමක් ලබාගෙන තියෙනවා.

සුනිල් ටී චිත්‍රපට කර්මාන්තයෙන් මේ වගේ ලාබ උපයන නිසාවෙන් ඔහුට හැකියාව ලැබිලා තියෙනවා තවත් ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන් කිහිපපොලකට අතහිත දෙන්න.ඒ අතර සුමිත්‍රා පීරිස්ගේ ‘වෛෂ්ණාවී’, උදයකාන්ත වර්ණසූරියගේ ‘කොස්තාපල් පුඤ්ඤසෝම’, නිලේන්ද්‍ර දේශප්‍රියගේ ‘තන්හා රති රඟා’, සුදේශ් වසන්ත පීරිස් ගේ ‘රන්ජා’ වැනි නිර්මාණ හඳුන්වන්න පුළුවන්.උපතින්ම කතෝලිකයෙක් වුනු ඔහු “අජාසත්ත“ හා ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ “ වැනි බෞද්ධ පසුබිමක් යටතේ නිර්මාණය වෙන සිනමා නිර්මාණවලටද නිෂ්පාදනයෙන් දායක වෙනවා.

Share

196 Views 0 Ratings Rate it

Written by Cinema.lk A



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.