Coffee with Karan වැඩසටහන මට එපා වෙලා – රන්බීර් කපූර්

Avatar Nisanka Weheraduwa | June 24, 2020 301 Views 0 Likes 5 On 1 Rating

301 Views 5 On 1 Rating Rate it

“Coffee with Karan” show එක මට එපාවුන එකක්, ඒකට එන්න කියල මටත් බලකෙරුනා, ඒ නිසයි මම ගියෙත්” ජනප්‍රිය බොලිවුඩ් නළු Ranbir Kapoor එහෙම කියනවා. ඔහු Star World වැඩසටහනකදී කියපු මේ කතාව දැන් Social media වල ඉතාම ජනප්‍රියයි. වැඩසටහන අතරතුර කතාබහේදී රන්බීර් මේ බව කියා තිබෙනවා.

“ඒ වැඩසටහනට එන්න මට බල කළා, ඒකට ගියහම අපට කියන්න සිද්ද වෙන්නේ ඔහුට අවශ්‍ය දේවල් ඔහුට අවශ්‍ය විදිහටයි. මේක ගැන මමත් අනුශ්කාත් මීට කලිනුත් කතා කළා. කරන් අපිව පාවිච්චි කරලා සල්ලි හොයනවා, මේ තත්වය නවතින්නම ඕනේ, මේක නවත්තන්න මුළු industry එකටම බලපෑමක් කරන්න අනුෂ්කා ශර්මාත් මමත් ලැහැස්තියි. මේක නතර විය යුතුමයි” රන්බීර් තවදුරටත් පවසා ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. පසුගියදා සියදිවි හානි කරගත් සුශාන්ත් සින්ග් රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් කතා කරමින් ඔහු මේ අදහස් දැක්වූ බවත් කියවෙනවා.

ඒ සියදිවි නසාගැනීමේ සිදුවීමෙන් පස්සේ බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය නොසිතූ පරිදි වෙනස් වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා. බොහෝ කලාකරුවන් කරන් ජෝහාර්ට සහ ඔහු ඇතුළු කිහිප දෙනෙකු විසින් පවත්වාගෙන යන nepotism වලට විරුද්ධව අදහස් පලකොට තිබුනා. සුශාන්ත් මියගිය පසුගිය 14 වැනිදා සිට 23 වැනිදා අතර කාලය තුළ instagram අවකාශයේ පමණක් මිලියනයකට අධික පිරිසක් කරන් ජෝහාර්ව unfollow කොට ඇති බවත් තවත් ලක්ෂ පහකට අධික ප්‍රමාණයක් Aalia Battගේ Instagram ගිණුම unfollow කොට ඇති බවත් බොලිවුඩ් වාර්තා වලින් කියැවෙනවා.

ඔවුන් දායක වන සිනමා නිර්මාණ වර්ජනය කිරීම දක්වා මේ විරෝධය ගොඩනැගීමට බොලිවුඩ් රසිකයින් සූදානම් වන බවත් පැවසෙනවා.

Share

301 Views 5 On 1 Rating Rate it

Written by Nisanka Weheraduwa



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.