“දැකල පුරුදු කෙනෙක්” ජාත්‍යන්තරයට

Avatar Cinema.lk | August 12, 2014 156 Views 0 Likes 0 Ratings

156 Views 0 Ratings Rate it

මලිත් හෑගොඩගේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය වන ‘දැකල පුරුදු කෙනෙක්’ හි ලෝක මංගල දැක්ම කැනඩාවේ 38 වන මොන්ටි‍්‍රයල් ලෝක සිනමා උළලේදී පැවැත්වේ. අගෝස්තු 21දා සිට සැප්තැම්බර පළමුවනදා දක්වා පැවැත්වෙන මොන්ටි‍්‍රයල් උළලේ කුඵදුල් චිත‍්‍රපට තරගකාරී අංශයේ ලාංකීය නියෝජනය ලෙස ‘දැකල පුරුදු කෙනෙක්’ අන්තර්ජාතික චිත‍්‍රපට 18ක් සමග තිරගතවේ.

සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞෂල්‍යා ප‍්‍රනාන්දු, දයාදේව එදිරිසිංහ, ප‍්‍රසන්න මහගමගේ, දිල්ෂානි පෙරේරා සහ ළමා නිළි කුශෙන්යා සයුමි ෆොන්සේකා රංගනයෙන් දායක වන මෙම චිත‍්‍රපයේ කැමරාකරණය ප‍්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂ එම්. ඞී. මහින්දපාල ගෙනි.

දීපාල් ගුණරත්න නිෂ්පාදන කලමනාකරණයෙන්ද, දමින්ද ඞී. මඩවල පළමු සහය අධ්‍යක්ෂණයෙන්ද, චාමර චින්තක සේලාර දෙවන සහය අධ්‍යක්ෂණයෙන්ද, මංජුල අයගම කලා අධ්‍යක්ෂනයෙන්ද, චිරන්ති මල්ලිකාරච්චි, ආලෝක සම්පත්, ජයම්පති ගුරුගේ ඇඳුම් නිර්මාණයෙන්ද, ප‍්‍රියන්ත දිසානායක වේශ නිරූපණයෙන්ද, රුවන් වල්පොල සංගීතයෙන්ද, චින්තක සෝමකීර්ති කැමරා හැසිරවීමෙන්ද, සශික රුවන් මාරසිංහ හඬපට නිර්මාණය සහ ශබ්ද පරිපාලනයෙන්ද, මලිත් හෑගොඩ සංස්කරණයෙන්ද දායකවන මෙම චිත‍්‍රපටයේ තිර රචනය බූපති නලින් වික‍්‍රමගේ ගෙනි.

ලාල් හෑගොඩ, රසංග දිසානායක, මොහොමඞ් ඇඩමලි සහ නදිරා ඇඩමලි මෙම චිත‍්‍රපටය නිෂ්පාදනය කර ඇත.

මීට පෙර ප‍්‍රසන්න විතානගේ ගේ ‘ඉර මැදියම’ චිත‍්‍රපටය ප‍්‍රධාන තරගකාරී අංශයේද, ‘ඔබ නැතිව ඔබ එක්ක’ චිත‍්‍රපටයේ ලෝක මංගල දැක්මද මොන්ටි‍්‍රයල් ලෝක සිනමා උළලේදී පැවැත්වා ඇති අතර මෙවර නිලේන්ද්‍ර දේශප‍්‍රිය ගේ ‘තන්හා රතී රගා’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වේ.

DPK still 10 [1280x768] [1280x768] DPK still 01 [1280x768] [1280x768] DPK still 02 [1280x768] [1280x768] DPK still 03 [1280x768] [1280x768] DPK still 04 [1280x768] [1280x768] DPK still 05 [1280x768] [1280x768]

Share

156 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.