“RATSASAN” හින්දියෙන් Mission Cinderella වෙයි.

Avatar Nisanka Weheraduwa | July 9, 2021 118 Views 0 Likes 0 Ratings

118 Views 0 Ratings Rate it

2018 වසරේදී තිරගත වුණු Ratsasan දෙමළ චිත්‍රපටය ලංකාව ඇතුළෙත් බොහොම ජනප්‍රිය වුණා. මෙරට බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසක් Ratsasan වටා එකතු වුණු නිසාම ඇතැම් රූපවාහිනී නාලිකාවලින් පවා එය විකාශනය කෙරුණා. Ratsasan චිත්‍රපටයේ දෙවන දිගහැරුමක් නිර්මාණය වන බවට නිෂ්පාදකවරුන් පැවසුවත් මේ සූදානම ඒ ගැන කියන්න නම් නෙමෙයි.  මේ සුප්‍රසිද්ධ දෙමළ සිනමාපටයේ හින්දි ප්‍රතිනිර්මාණය ගැන තොරතුරු පසුගියදා මාධ්‍ය වාර්තා කොට තිබුනා. බොලිවුඩ් සිනමාවට ආදරය කරන රසිකයින් වෙනුවෙන් ඒ ගැන තොරතුරු ගෙනෙම වෙනුවෙනුයි මේ සටහන වෙන් වන්නේ.

පසුගිය වසර කිහිපය තුළ බොලිවුඩය විසින් ප්‍රසිද්ධ දකුණු ඉන්දීය චිත්‍රපට රාශියක්ම තමන්ගේ බාසාවට ප්‍රතිනිර්මාණය කළා. Drishyam, Master, Vikram Vedha, Kaithi වැනි තවත් ප්‍රසිද්ධ දකුණු ඉන්දීය චිත්‍රපට ගණනාවක්ම Hindi remakes විදිහට ඉදිරි වසර කිහිපය තුළ අපට දැකගන්න ලැබේවි. ඒ ලැයිස්තුවට අලුතින්ක එකතු වන චිත්‍රපටය Ratsasan. කලක සිටම මේ ගැන විවිධ ආරංචි සැරිසරුවත් නිළ තොරතුරක් මාධ්‍යයට වාර්තා වුණේ පසුගිය 30වනදා යි. ඒ තොරතුරු  අනුව මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ Akshay Kumar රංගන ශිල්පියා බව  සඳහන්. තිරගත වීමට නියමිත Akshayගේ Bell Bottom චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Ranjit Tewari විසින්ම මෙයත් අධ්‍යක්ෂණය කරන බවට තොරතුරු පළ වෙනවා.

Mission Cinderella යන්න චිත්‍රපටයේ නම විදිහට යෝජනා වී තිබෙන බව සඳහන්. මේ නිර්මාණය වන්නේ Ratsasan දෙමළ චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය නම්, එයට මෙවැනි නමක් යොදා ගත්තේ ඇයි දැයි තවමත් තහවුරු වී නැහැ. නමුත් Bollywood Hungama වැනි සුප්‍රසිද්ධ සිනමා වෙබ් අඩවි සහ සිනමා විචාරකයින් පවා මේ ගැන වාර්තා කළ නිසා තොරතුර පිලිබඳ සැකයක් ඇති වන්නේත් නැහැ.

“It’s titled Mission Cinderella and Akshay plays the role of a cop in the film. The makers are planning to shoot it in London with some locations around in the United Kingdom. It’s an action thriller, with Akshay on the run to track down a child abduction racket, which has been called Cinderella. The producers are tentatively referring to the film as Project Cinderella, and have registered titles like Cinderella and Mission Cinderella with the association”

චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමෙන් Bollywood Hungama වෙබ් අඩවියට පිළිතුරු ලැබී තිබුණේ මේ විදිහටයි.

2018 වසරේදී තිරගත වුණු Ratsasan සිනමාපටය cop-investigatige thriller ශානරයට යටත් Classic චිත්‍රපටයක්. එහි ප්‍රධාන චරිත සඳහා එක් වුණේ Vishnu Vishal සමඟින් Amala Paul. චිත්‍රපටයේ ජනප්‍රියත්වය නිසාම පසුකාලීනව තෙළෙඟු බාසාවෙන් ප්‍රතිනිර්මාණය වූයේ Rakshasudu යන නමිනුයි. නමුත් සමහරු පවසන්නේ මෙය Ratsasan චිත්‍රපටයේ සෘජු හින්දි ප්‍රතිනිර්මාණයක් විය නොහැකි බවයි. ඔවුන්ගේ මතයට අනුව, Ratsasan කතා තේමාව පාදක කරගනිමින් Ranjit Tewariගේ ස්වතන්ත්‍ර පිටපතකට අනුව මෙය නිර්මාණය වනු ඇති.

කෙසේ නමුත්, පසුගිය වසර දෙක-තුනේදී Akshay Kumar විසින් රඟපාන තුන්වන remake චිත්‍රපටය විදිහටත් මෙය හඳුන්වන්න පුලුවන්. මීට පෙර වසරේදී Kanchana දමිළ චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය වූ Laxmii සිනමාපටයටත්, Jigarthanda දමිළ චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය වූ Bachchan Pandey සිනමාපටයටත් ඔහු එකතු වුණා. දැනට ලැබෙන තොරතුරු අනුව නම්, ආක්ෂේට අමතරව Hindi Remake එකෙන් දැකගන්න ලැබෙන කාන්තා ප්‍රධාන චරිතය හිමි වී තිබෙන්නේ සුරූපී නිළි Rakul Preet Singhටයි. Mission Cinderella රූපගත කිරීම් මෙම වසරේදීම පටන් ගන්නට බලාපොරොත්තු වන බවත්, එය දින 30-40ක කුඩා schedule එකකට සීමා වන බවත් කියැවෙනවා.

Share

118 Views 0 Ratings Rate it

Written by Nisanka Weheraduwa


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.