විසංගමනය එංගලන්තයේදී ඇගැයුමට ලක්වෙයි
රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ “විසංගමනය” චිත්‍රපටය පසුගියදා එංගලන්ත සිනමා උළෙලකදී ඇගැයුමට ලක්ව තිබෙනවා. London Lift-Off film festivalහිදී මේ ඇගැයීම ලැබුනු බව සඳහන්. එම ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නවක අධ්‍යක්ෂවරුන් සඳහා සම්මාන පිරිනැමීමේ කාණ්ඩයක් සංවිධාන කොට තිබුනා. එම කාණ්ඩයෙන් අවසන් වටය සඳහා විශිෂ්ට නිර්මාණ පහක් තෝරා ගැනුනා. එම චිත්‍රපට අතරින් හොඳම නවක අධ්‍යක්ෂවරයා ලෙස දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් ඇගයීම් ලැබීමට රන්ජන් ප්‍රසාද් සමත් වුනා. ප්‍රථම වරට සංවිධාන කෙරුනු මේ සිනමා උළෙල සඳහා ලොව පුරා විවිධ රටවලින් චිත්‍රපට 38ක් පමණ ඉදිරිපත් කොට තිබුනා.
උපාලි ගම්ලත් තිර රචනය කළ මේ චිත්‍රපටය සඳහා ඩග්ලස් රණසිංහ, අශාන් ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ, සමනලී ෆොන්සේකා, චරිත අබේසිංහ, චින්තක කුලතුංග, හයිසින්ත් විජේරත්න, නිරෝෂන් විජේසිංහ ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකවී තිබෙනවා. පළමු සිනමා නිර්මාණයෙන් ජාත්‍යන්තර ඇගයීම ලැබූ රන්ජන් ප්‍රසාද් සිනමාකරුවාට cinema.lk උණුසුම් සුබපැතුම් එක් කරනවා.
Written by Nisanka Weheraduwa