අන්නාසි, කඩලගොටු සමග සාහිත්‍ය සහ කලාව විඳින්න
පොත්, සාහිත්‍ය, නාට්‍ය, චිත්‍රපට ඇතුළු කලා මාධ්‍යන් සඳහා පවතින ඉඩකඩ, අවස්ථාවන් දැන් දැන් තරමක් පුළුල් වෙමින් පවතිනවා. මීට වසර තුනකට පෙර 2015 වසරේ වෙනස්ම විදිහේ සාහිත්‍ය උළෙලක් කොළඹ කේන්ද්‍රීයව ආරම්භ වෙන්නේ මේ විදිහට කලාවට සාහිත්‍යකරණයට පුළුල් ඉඩක් වෙන්කර දීම වෙනුවෙන්මයි. එතැන් සිට මේ සාහිත්‍ය උළෙල වසරක් පාසා ක්‍රියාත්මක වනවා. මේ එහි සිව්වැනි පියවර පිලිබඳ තොරතුරු.
අන්නාසි කඩලගොටු සාහිත්‍ය උළෙල, නැත්නම් AK Lit Fest නමිනුයි මේ සාහිත්‍ය උළෙල නම් කෙරුනේ. මේ වැඩසටහන ඇතුලෙදි විවිධ අංශ ක්‍රියාත්මක වුනා. පොත් කියන විශයෙන් ඔබ්බට පියවර තබමින් සාහිත්‍ය සහ කලාව කියන විෂයන් ග්‍රහණය කරගනිමිනුයි මේ වැඩසටහන සැලසුම් කෙරෙන්නේ. පසුගිය වසර වලදී විවිධ අංශ අලුතින් එක කරමින් පවත්වාගෙන ආ මේ සාහිත්‍ය උළෙලට මෙවර “කෙටි චිත්‍රපට” කියන කාණ්ඩයත් ඇතුළත් කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා. දවස ඔක්තෝබර් 21 වැනි ඉරිදා, ස්ථානය ගල්කිස්ස හෝටලය. උදේ 9 සිට සවස 7 දක්වා මේ උළෙලේ විවිධ විශේෂාංග ක්‍රියාත්මක කිරීමට සංවිධායකයින් සුදානම්.
උදේ 9ට ආරම්භ වන වැඩසටහනේ පළමු අදියරේදී පොත් එළිදක්වීම්, නිර්මාණශීලි ලිවිම පිලිබඳ වැඩිහිටියන් සහ ළමයින් සඳහා වන දේශන සහ වැඩමුළු ආදිය පැවැත්වෙනවා. දෙවැනි අදියරේදී සාහිත්‍යකරණයේ දේශපාලනය කියන මාතෘකාව යටතේ සම්මන්ත්‍රණයක් පැවැත්වෙන්නේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගිත්වයෙන්. Awantha Artigala සහ Gihaan De Chikera සහභාගී වන සම්මන්ත්‍රණයක් ඊට පසුව පැවැත්වීමට නියමිතයි. පත්තරේ දැකපු, අපිව හිනස්සපු කාටුන් කලාව ගැන දැනගන්න කියන තේමාව යටතේ මේ සංවාදය පැවැත්වීමට අපේක්ෂිතයි. Preserving our Society කියන තේමාව පිලිබඳ ඔවුන් සිය අත්දැකීම් සහ නිර්මාණ සමගින් කතාබහ කරනු ඇති.
දහවල් 1 සිට 2 දක්වා පැයක කාලය වෙන් වන්නේ කෙටි චිත්‍රපට සඳහා. මේ යටතේ ලංකාවේ නිර්මාණකරුවන් 5 දෙනෙකුගේ කෙටි චිත්‍රපට තිරගත කිරීමට නියමිතයි.
01. A story nobody cares about – Thisara mangala Bandara
02. “1.75” – Surrin Chamara
03. Wind through the holes – Roshan Edward
04. A white feather – Pratheepan Selvam
05. Hope – Fathima Shanaz
විවිධ සම්මාන උළෙල නියෝජනය කරමින්, දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද සම්මාන දිනාගත් කෙටි චිත්‍රපට පහක් මෙලෙස තිරගත කිරීමට සැලසුම් කොට තිබෙනවා.
Anoja Rajapathirana සමග Same – same but different writing with disabilities කියන මාතෘකාව පිලිබඳ සංවාදයකුත් පැවැත්වීමට සූදානම්. පසුගිය වසරේ අතිශය ජනප්‍රිය වූ ටෙලිනාට්‍යක් වන “කුඹීයෝ” පිලිබඳ සංවාදයක්, සාහිත්‍යකරණය සහ කාන්තාව පිලිබඳ සංවාද මණ්ඩපයක්, කවිය ගැන වෙනස්ම විදිහේ සංවාදයක් / කතාබහක් වර්තමානයේ ජනප්‍රිය කවීන් කිහිපදෙනෙකුගේ සහභාගිත්වයෙන්, මිනිස්සුන්ව හිනා ගස්සන්නේ කොහොමද කියන මාතෘකාව යටතේ පොඩි මල්ලී සහ චූටි මල්ලී (සුනෙත් සහ ගාමින්ද) සමග කතාබහක් ඇතුළු තවත් විශේෂාංග රැසක් මේ සාහිත්‍ය උළෙලට අන්තර්ගත කොට තිබෙනවා. කලාව, සාහිත්‍ය පිලිබඳ උනන්දුවක් දක්වන අයට මෙම වැඩසටහනට සහභාගී වී අත්දැකීම් බෙදාහදා ගැනීමට එක්වන ලෙසට සංවිධායකයින් ඇරියුම් කර සිටිනවා.
Written by Nisanka Weheraduwa