අමිතාබ් බච්චන් පුජකයකු වෙයි……..??
සුපී ඉන්දීය නළු අමිතාබ් බච්චන් පුජකයකු විලසින් සැරසී සිටින චායාරුපයක් සිනමා රසිකයින් තුළ කතාබහක් අති කිරීමට සමත්ව තිබෙන බව සඳහන්. අමිතාබ් බච්චන් තමාගේ Instagram ගිණුමට මෙම පින්තුරය එක්කොට තිබුනා. රතු පැහැති ඇඳුමක් (පුජකයකු අකාරයේ) ඇඳ සිටින ඔහු රතු පැහැති පොට්ටුවක්ද තබාගෙන සිටිනු දක්නට ලැබුනා. එමෙන්ම සුදු පාට වුනු දිගු රැවුලක් සහ කොණ්ඩයක්ද පහු සතු වුනා. කෙසේ නමුත් මේ පින්තූර අන්තර්ජාලය හරහා සීග්‍රයෙන් ව්‍යාප්තව ගිය බව සඳහන්.
ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේදී අමිතාබ් රංගනයෙන් දායක වන නවතම චිත්රපට්‍යා රුගත කිරීම සිදුවනවා. එම රූගත කිරීම් අතරතුර ලබාගත් පින්තූර මෙලෙස අන්තර්ජාලය තුළ කතාබහට ලක්වීමට සමත්ව තිබෙනවා. සාමකාමී සන්සුන් පුජකයකු වැනි චරිතයකින් ඔහු මෙවර ප්‍රේක්ෂකයන් හමුවට එනු ඇතැයි සඳහන්. නිදහස් සටන පිලිබඳ කතාවක් පදනම් කොටගෙන චිත්‍රපටය නිපදවෙන බවත් පැවසෙනවා. නමුත් චිත්‍රපටය පිලිබඳ නිශ්චිත තොරතුරු තවමත් නිකුත්කොට නැහැ.
Written by Nisanka Weheraduwa