අමිතාබ් මාධ්‍ය වාර්ථාකරුවෙක් වෙයි

Avatar Cinema.lk | September 3, 2012 37 Views 0 Likes 0 Ratings

37 Views 0 Ratings Rate it

පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවකදී සුපිරි ඉන්දීය නළු අමිතබ් බච්චන්ගේ මෙතෙක් බොහෝ දෙනා දැක නොතිබූ චරිතයක් දැක ගැනීමට හැකිවිය. එහෙත් ඒ සිනමා ලෝකයේදී නොව සැබෑ ලෝකයේ දී ය. ඒ Kaun Banega Crorepati හි මාධ්‍ය ඉදිරිපත් කිරීමේදී යි. එම අවස්ථාවට පැමිණ සිටි ජායාරූප ශිල්පියෙකුගෙන් කැමරාවක් ඉල්ලාගත් අමිතාබ් එම අවස්ථාව ජායාරූප ගතකිරීමට පටන් ගෙන ඇත.

ඉතාමත් උද්‍යෝගීමත් ලෙස එම කාර්්‍යෙය් නිරත වූ ඔහු එතරම් අපහසුවකින් තොරව සංකීර්ණ කැමරාව හැසිරවූ අයුරු බොහෝ දෙනා විශ්මයෙන් බලා සිටි බව ද වාර්තා වේ.

මාධ්‍ය හමුවේ ජායාරූප ගන්නා අතරතුරේදී ම අමිතාබ් එතැන සිටි වෘත්තීයමය කැමරාකරුවන්ගේද ජායාරූප ගැනීම ද බොහෝ උනන්දුවකින් කළ බව ද වාර්තා වේ.

ජායාරූප ශිල්පීන් හා කුළුපඟව සංවාදයේ යෙදුනු අම්තාබ් එතැන සිටි සියළු දෙනාගේම මතක පොතට අමතක නොවන සිදුවීමක් එක් කලේ  බොහෝ දෙනාගේ සිත් ක්ෂණයෙන් දිනාගැනීමට එහු සතු විශිෂ්ඨ හැකියාව තහවුරු කරමිනි.

Share

37 Views 0 Ratings Rate it

Written by Cinema.lk



  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.