මාගම් සෝලියට පසු චමින්ද ඉලුක්වෙලගෙන් රිදී දෝලියක්

Avatar Kavinu Weerakkody | December 23, 2025 53 Views 0 Likes 3 On 1 Rating

53 Views 3 On 1 Rating Rate it

චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කරන ‘රිදී දෝලි’ නවතම සිංහල සිනමාපටයේ වැඩකටයුතු පසුගියදා ආරම්භ වුනා.

ජීවිතය හා ආදරය අතර ගැටෙන කාන්තාවකගේ කතාව රැගත් රිදීදෝලි සිනමාපටයට මෙරට ජනප්‍රිය නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වනවා.

නීටා ප්‍රනාන්දු – ශ්‍යාම් ප්‍රනාන්දු – උමා අසේනි – වොල්ගා කල්පනී – සූර්‍යා දයාරුවන් – තුශේනි ප්‍රනාන්දු ඇතුලු ශිල්පීන් රැසකුත් ඒ අතර සිටිනවා.

මෙය චමින්ද ඉලුක්වෙලගේ දෙවන සිනමා නිර්මාණයයි. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ මාගම් සෝලි සිනමාපටය ද නුදුරේදීම තිරගත වීමට නියමිතයි.

අජිත් රාමනායක සංස්කරණයෙන් සහ ශාලි සඳරුවන් කැමරාකරණයෙන් එක්වන මෙහි සංගීත අධ්‍යක්ෂණය තුසිත සිම්සන්ගෙනි.

නිලන්ත රණසිංහ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයායි.

Share

53 Views 3 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.