කමල් අද්දරආරච්චි නැවතත් සිනමාවට – කොළඹ 13 වැඩ අරඹයි

Avatar Kavinu Weerakkody | September 27, 2026 2 Views 0 Likes 0 Ratings

2 Views 0 Ratings Rate it

ජනප්‍රිය නලු බුද්ධික ජයරත්න අධ්‍යක්ෂණය කරන, කමල් අද්දරආරච්චි රංගනයෙන් එක්වන “කොළඹ 13” නවතම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු පසුගියදා ආරම්භ වුනා.
දිගු කලකට පසුව ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි ප්‍රධාන රංගනයෙන් එක්වන අලුත්ම චිත්‍රපටය වන්නේ මෙයයි. ඒ සමඟින් ශේෂාද්‍රි ප්‍රියසාද්, රොජර් සෙනෙවිරත්න, ධනංජය සිරිවර්ධන, මිලින්ද මඩුගල්ල ඇතුලු තවත් නලු නිලියන් රැසකුත් මීට රංගනයෙන් එක්වනවා. අධ්‍යක්ෂක බුද්ධික ජයරත්න ද මෙහි රංගනයෙන් එක්වීමට නියමිත බවට තොරතුරු පළවනවා.
එමෙන්ම මේ චිත්‍රපටයේ තිර රචනය සිදු කර තිබෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාකරුවෙකු වන ජයන්ත චන්ද්‍රසිරි විසිනුයි.
නිෂ්පාදනය ආශා ලොකුවඩුගේ සහ වේරංජා ගුණවර්ධනයි. විධායක නිෂ්පාදනයෙන් බන්දුල ගුණවර්ධන ද කොළඹ 13 නිර්මාණයට එක්ව සිටිනවා.
මීට පෙර බුද්ධික ජයරත්න විසින් ‘සැප්තැම්බර්’ නැමැති තවත් සිනමාපටයකුත් අධ්‍යක්ෂණය කළ අතර එයත් නුදුරේදීම තිරගත වීමට නියමිතයි. නදීශා හේමමාලි විසින් එහි ප්‍රධාන චරිතය රඟපෑවා.
Share

2 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.