ඉන්දීය සුපිරි තරු නිෂ්පාදනය කළ Neelira ලාංකීය දමිළ චිත්‍රපටය ළඟදීම

Avatar Kavinu Weerakkody | March 29, 2026 62 Views 0 Likes 0 Ratings

62 Views 0 Ratings Rate it

ලාංකික – දමිළ සිනමාකරුවෙකුගේ ‘Neelira’ නැමැති නවතම චිත්‍රපටයක් නිෂ්පාදනයට සුප්‍රසිද්ධ ඉන්දියානු නලු රානා ධගුපති සහ අධ්‍යක්ෂක කාර්තික් සුබ්බරාජ් එකතු වී තිබෙනවා.

Neelira අධ්‍යක්ෂණය කරන්නේ සොමිධරන් නැමැති යාපනයේ වෙසෙන ලාංකික දමිළ සිනමාකරුවෙකු විසිනුයි.

තිස් වසරක් පුරා පැවැති මෙරට සිවිල් යුද්ධ සමයේදී උතුරේ දමිළ ජනතාවට මුහුණ පාන්නට සිදු වූ අර්බුදකාරී සිද්ධි දාමයක් වටායි, මෙය නිර්මාණය වන්නේ…

සොමිධරන් මීට පෙරත් කාර්තික් සුබ්බරාජ්ගේ අධ්‍යක්ෂණය යටතේ Retro චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය සඳහාත් එකතු වුනා.

Neeliraa නිෂ්පාදනය කෙරෙන්නේ ඉන්දීය නලු Rana Daggubatiගේ Spirit Media සහ Pizza – Jigarthanda – Petta අධ්‍යක්ෂක Karthik Subbarajගේ Stone Bench Studios එකතුවෙනි.

නුදුරේදීම ලෝ පුරා සිනමා හල්වලදී මෙය තිරගත කිරීමට නියමිතයි.

Share

62 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.