ධර්ම යුද්ධය 3 රූගත කිරීම් පටන් ගනී! 4වන චිත්‍රපටයකුත් එනවා!

Avatar Kavinu Weerakkody | August 26, 2026 6 Views 0 Likes 0 Ratings

6 Views 0 Ratings Rate it

බිමල් ජයකොඩි ප්‍රධාන රංගනයෙන් එක්වන, මෙරට අතිශය ජනප්‍රිය ධර්ම යුද්ධය චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුමේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ වූවා. ධර්ම යුද්ධය පළමු චිත්‍රපටයේ ‘හරිස්චන්ද්‍ර’ගේ චරිතයට පණ පෙවූයේ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා වුවත්, ඔහුගේ අවාසනාවන්ත අභාවය හමුවේ මෙම චරිතය නිරූපණය කිරීම බිමල් ජයකොඩිට භාරවුනා.

බිමල් ජයකොඩි සමඟින් දිල්හානි ඒකනායක, තිසුරි යුවනිකා, විනුමි වන්සදී, අශාන් ඩයස්, කුසුම් රේණු ඇතුලු මුල් චිත්‍රපටයට රංගනයෙන් එක් වූ නලු නිලියන් බොහෝ දෙනෙක් මේ නිර්මාණයටත් රංගනයෙන් එක්වනවා.

ධර්ම යුද්ධය 3 අධ්‍යක්ෂණය කරන්නේ මාරියා, හැපී බර්ත්ඩේ, නිකිණි වැස්ස වැනි චිත්‍රපට ඔබ වෙත ගෙනා අරුණ ජයවර්ධන විසිනි. තිර රචනය සිදු කළේ සුනෙත් මාලිංග ලොකුහේවා යි. කෝටි 60කට වැඩි ආදායමක් ඉපැයූ ධර්ම යුද්ධය 2වන චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ තිර රචනය සිදු කළේ ද ඔවුන් දෙදෙනා එකතුවෙනි.

මීට සමගාමීව ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයට පාදක වූ Drishyam මලයාලම් කතාමාලාවේ 4වන චිත්‍රපටයත් නුදුරේදීම රූගත කිරීමට නියමිතයි.

Share

6 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.