සබීතා – සංගීතා කලකට පසු නැවතත් රිදී තිරයට!

Avatar Kavinu Weerakkody | August 17, 2026 29 Views 0 Likes 5 On 1 Rating

29 Views 5 On 1 Rating Rate it

සබීතා පෙරේරා සහ සංගීතා වීරරත්න, දශක ගණනාවක් පුරා ලාංකේය සිනමා තිරය හැඩ කළ, මෙරට ප්‍රවීණ සහ ජනකාන්ත රංගන ශිල්පිනියන් දෙපළක්. ඔවුන් දෙදෙනාම පසුගිය කාලය පුරාවටම සිනමා රංගනයෙන් දැකගන්නට ලැබුනේ නැහැ. නමුත් දැන්, දිගු නිහැඬියාවකට පසුව සබීතා සහ සංගීතා දෙදෙනාම නැවතත් සිනමා රංගනයට එක් වී සිටිනවා.

ඒ විහඟ ප්‍රේමය සහ ආදරණීය තරුවක් චිත්‍රපට හරහායි!

සබීතා පෙරේරා ප්‍රධාන රංගනයෙන් එක්වන ‘විහඟ ප්‍රේමය’ සිනමාපටය සංජීව පුෂ්පකුමාරගේ නවතම අධ්‍යක්ෂණයි. පොලිසියේ සහ දේශපාලන සහාය ඇතිව සිදු කරගෙන යන, කූට ළමා ජාවාරමක් වටා ගෙතෙන එම චිත්‍රපටය ලෝ පුරා ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදී ජගත් සම්මානයට පාත්‍ර වුනා. මහේන්ද්‍ර පෙරේරා – ඩිනාරා පුංචිහේවා – අකලංක ප්‍රභාෂ්වර වැනි තවත් නලු නිලියන් රැසක් එහි රංගනයෙන් එක්වනවා.

සංගීතා වීරරත්න කලකට පසුව රංගනයෙන් එක්වන ‘ආදරණීය තරුවක්’ චිත්‍රපටයත් මේ දිනවල අති සාර්ථකව තිරගත වෙමින් තිබෙනවා. මුල් දින හතරදී පමණක් එය ලක්ෂ 150කට අධික Box Office ආදායමක් රැස් කළා. ආදරණීය තරුවක් දිල්ෂාන් අමරසිංහගේ පළමු අධ්‍යක්ෂණයයි. ශනුද්‍රි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර ද මේ චිත්‍රපටයෙන් දැකගත හැකියි.

එකිනෙකට වෙනස් – නැවුම් ශානර දෙකක් වටා ගෙතෙන විහඟ ප්‍රේමය සහ ආදරණීය තරුවක් චිත්‍රපට ද්විත්වයටම රසිකයින්ගේ උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

මේ සිනමාපට දෙකම දිවයින පුරා සිනමා හල්වලදී ඔබට දැන් නරඹන්නට පුලුවන්!

Share

29 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.