ජුනි මාසයේ අලුත් සිංහල චිත්‍රපට හතරක් – එයින් දෙකක්ම සුරංග ද අල්විස්ගේ

Avatar Kavinu Weerakkody | June 8, 2026 2 Views 0 Likes 0 Ratings

2 Views 0 Ratings Rate it

මෙම ජුනි මාසයේදී ලාංකේය සිනමාකරුවන්ගේ එකිනෙකට වෙනස් සහ නැවුම් කතා තේමාවන්ගෙන් යුතු, අලුත්ම ලාංකේය චිත්‍රපට හතරක් සිනමා තිරයට දිග හැරෙනවා.

ජුනි 04 – සූරිය සුළඟ
ජුනි 19 – රජ දහන
ජුනි 19 – ඒක තමයි මේක
ජුනි 26 – Room No: 106

මේඝ සූරියආරච්චි, නිහාරි පෙරේරා, අශාන් ඩයස්ගේ රංගනයෙන් හැඩවුනු ‘සූරිය සුළඟ’ මෙරට වාණිජ සිනමාව වෙනස් කළ ප්‍රියන්ත කොළඹගේ විසින් ඉදිරිපත් කරන නවතම අධ්‍යක්ෂණයයි. ආදරය – ත්‍රාසය – වියරුව එකට මුසු වූ දැවැන්ත වාණිජ සිනමාපටයක අත්දැකීම ඔබට මෙයින් විඳ ගන්නට පුලුවන්.

ජුනි 19 සිට තිරගත වීම අරඹන ‘රජ දහන’ සිනමාපටය වාසිත සමරනායකගේ කුළුදුල් අධ්‍යක්ෂණයයි. මෙහි ප්‍රධාන රංගනයට ජනප්‍රිය නලු නිලි යුවලක් වන අමිල කරුණානායක සහ ටනාෂා හතරසිංහ එක්වනවා. ඔවුන් සමඟින් තවත් ජනකාන්ත නලු නිලියන් රැසක් මෙම චිත්‍රපටයට එක්ව සිටිනවා.

එදිනම තිරගත වීම අරඹන ‘ඒක තමයි මේක’ හාස්‍ය චිත්‍රපටයෙන්, මෙරට සිනමාවේ පළමු වරට ජනප්‍රිය සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් රැසක්ව ඔබට පුළුල් තිරයෙන් නරඹන්නට පුලුවන්. එය සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයක්. මෙතරම් සමාජ මාධ්‍ය නිර්මාණකරුවන් පිරිසක් එකවර රිදී තිරයෙන් දැකගන්නට ලැබෙන පළමු අවස්ථාව මෙයයි.

පසුගිය සමයේ මුලු රටම කැළඹූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සිනමාවට නැඟුනු Room No: 106 චිත්‍රපටයත් සුරංග ද අල්විස්ගේම අධ්‍යක්ෂණයක්. බිමල් ජයකොඩි සහ ඩිස්නි රාජපක්ෂ එහි ප්‍රධාන චරිතවලට එක්වනවා. එය තිරගත වන්නේ ජුනි 26 වනදා සිටයි.

ලාංකීය සිනමාකරුවන්ගේ චිත්‍රපට 4ක් එකම මාසයකදී රිදී තිරයට එක්වන්නේ බොහෝ කාලයකට පසුවයි. මෙහි ඊටත් වඩා වැඩි විශේෂත්වයක් වන්නේ එකම සිනමාකරුවෙකු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකක්ම මේ මාසයේදී ඇතුළත ප්‍රදර්ශනය ආරම්භ වීමයි.

Share

2 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.