Exclusive – ශ්‍රී ලංකාවෙන් Oscars යන රිවර්ස්ටන්!!!!

Avatar Kavinu Weerakkody | September 28, 2026 9 Views 0 Likes 0 Ratings

9 Views 0 Ratings Rate it

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, 2027 ඇකඩමි සම්මාන උළෙලේ අන්තර්ජාතික වෘත්තාන්න චිත්‍රපට කාණ්ඩයට (International Feature Film) ඉදිරිපත් කරන සිනමා නිර්මාණය ලෙසට ‘රිවර්ස්ටන්‘ චිත්‍රපටය තෝරාගෙන තිබෙනවා.

ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක, ආනන්ද කුමාර උන්නැහේ ඇතුළු පිරිසක් රංගනයෙන් එක් වුනා.

99 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙල නියෝජනය කරන ලාංකේය සිනමාපටය තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමෙන් පිහිටුවා ඇති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට කලා හා විද්‍යා ඇකඩමියේ අනුමැතිය හිමිවූ ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව (NOSCSL) විසිනුයි.

රිවස්ටන් නිෂ්පාදනය නිමන්ති පෝරගේ සහ ප්‍රභාත් රෝෂණ විසිනි.

Share

9 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.