නෙළුම් කුළුණ ලීක් වෙයි – පොලීසිය විමර්ශන අරඹයි

Avatar Kavinu Weerakkody | April 17, 2026 4 Views 0 Likes 0 Ratings

4 Views 0 Ratings Rate it

‘නෙළුම් කුළුණ’ චිත්‍රපටය මෑත ලාංකීය සිනමාවේ පෙරළියක් කළ නිර්මාණයක්. සිංහල සිනමාවෙන් ඈත් වී සිටි සිනමා රසිකයින්ව නැවතත් දේශීය චිත්‍රපට වෙතට එකතු කර ගැනීමට නෙළුම් කුළුණ චිත්‍රපටයෙන් ලැබුනේ විශාල උත්තේජනයක්.

ඒ නිසාම දින 100කට අධික කාලයක් දිවයින පුරා සිනමා හල්වල ප්‍රදර්ශනය වෙන්නටත් ඒ සිනමාපටයට හැකියාව ලැබුනා. නමුත් පසුගියදා එහි නිල ඩිජිටල් පිටපත OTT මාධ්‍යයෙන් නිකුත් වූ පසුව, චිත්‍රපට කණ්ඩායම විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

ඒ නෙළුම් කුළුණ චිත්‍රපටයේ අනවසර පිටපත් අන්තර්ජාලයට (leak) නිකුත් වීමත් සමඟයි. මේ සම්බන්ධයෙන් චිත්‍රපටයේ නිෂ්පාදිකා හිරන්‍යා පෙරේරා ඉලංගෝ විසින් දැන් නිල දැනුම් දීමක් සිදු කොට තිබෙනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔවුන් විසින් පැමිණිල්ලක් සිදු කර තිබෙන අතර දැනටමත් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

කෝටි 30කට අධික ආදායමක් සමඟින් දින 100ක් පුරාවට දිවයින පුරා තිරගත වූ නෙලුම් කුලුන චිත්‍රපටය, ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණයකි.

ඔවුන් විසින් සමාජ මාධ්‍යයට එක් කළ සටහන පහතින් >>>>>

“නෙළුම් කුළුණ චිත්‍රපටයේ අනවසර පිටපත් නීති විරෝධී ලෙස බෙදා හැරීම, බාගත කිරීම සහ බෙදාගැනීම සිදු වන බව අපගේ අවධානයට ලක්වී ඇත.

මෙය අපරාධයකි!

මෙම කාරණය සම්බන්ධයෙන් අප විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නිල පැමිණිල්ලක් ගොනු කර ඇත. මෙම චිත්‍රපටයට අදාළ සියලුම කොල්ලකෑම් (piracy) පිලිබඳව බලධාරීන් සක්‍රීයව විමර්ශනය කරමින් සිටී.

නිසි අවසරයකින් තොරව මෙම චිත්‍රපටය බෙදාහැරීම, බාගත කිරීම, නැරඹීම හෝ පිටපත් ලඟ තබාගැනීම බුද්ධිමය දේපළ පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. වරදකරුවන්ට නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.

නීතිමය පියවරවලින් වැළකීම සඳහා ඔබ සතුව ඇති සියලු අනවසර පිටපත් වහාම මකා දමා, තවදුරටත් බෙදාහැරීමෙන් වළකින්න.”

Share

4 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.