ශනුද්‍රි සහ මංචන රඟපාන අග්නිජය ළඟදීම රිදී තිරයට
මෙරට තරුණ පරපුරේ ජනකාන්ත රංගන ශිල්පිනියක වන ශනුද්‍රි ප්‍රියසාද් රංගනයෙන් එක්වන අග්නිජය සිංහල චිත්‍රපටය එළඹෙන ඔක්තෝබර් මාසයේදී දිවයින පුරා තිරගත වනවා.

ශනුද්‍රි සමඟින් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ තාරුක මංචන පීරිස් විසිනි. එමෙන්ම අග්නිජය චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ද ඔහු විසින්ම සිදු කොට තිබෙනවා. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.
ඒ සමඟින් සනත් ගුණතිලක, කළණ ගුණසේකර, බිමල් ජයකොඩි, ශ්‍රියානි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, ජගත් චමිල, දසුනි සෙනෙත්මා ඇතුලු ප්‍රවීණ සහ තරුණ කලා ශිල්පීන් රැසක් අග්නිජය චිත්‍රපටයේ රංගනයෙන් දැක බලාගන්නට පුලුවන්.

ක්‍රියාදාම රැසක් සමඟින් කුතුහලය පිරුනු, නැවුම් සිනමා අත්දැකීමක් විඳ ගන්නට කැමති ඔබට අග්නිජය සිනමාපටය හොඳ තෝරා ගැනීමක් වේවි… මෙහි නිල පූර්ව ප්‍රචාරක පටයත් දැන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
අග්නිජය – මේ ඔක්තෝබර් මාසයේ සිට!!

Written by Kavinu Weerakkody
