සිංහල සිනමාවම වෙනස් කරන පිස්zoo වැඩ අරඹයි

Avatar Kavinu Weerakkody | June 8, 2026 1 View 0 Likes 0 Ratings

1 View 0 Ratings Rate it

ලාංකේය සිනමා ඉතිහාසය තුළ නිෂ්පාදනය වන, මෙරට පළමු සෙමි – ඇනිමේෂන් චිත්‍රපටය වන, “පිස්zoo” නවතම නිර්මාණයේ වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුනා.

ඉෂංකා ජහන්වී ‘නිහන්සා’ගේ චරිතයෙන් සහ දර්ශන් තවරාජා ‘සදේශ්’ගේ චරිතයෙන් මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයට එකතු වනවා.

ඒ සමඟින් සෙනාලි ෆොන්සේකා, කුමාර තිරිමාදුර, ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, නිරෝෂා තලගල, ගිහාන් ප්‍රනාන්දු ඇතුලු නලු නිලියන් රැසක් මෙහි දැකගත හැකියි.

නිල්මිණී කෝට්ටේගොඩ, ලක්මාල් වීරසිරි, චමල් රත්නායක, ශාන් අරෝෂ ඇතුලු තවත් ශිල්පීන් රැසක් මෙහි සතුන්ගේ හඬ කැවීම් සඳහා එකතු වනවා.

පිස්zoo චිත්‍රපටය නිර්මාණය කරන්නේ මෙරට වැඩිම ආදායම් වාර්තාව හිමි ධර්මයුද්ධය-2 අධ්‍යක්ෂණය කළ අරුණ ජයවර්ධන සහ එහි තිර රචනය සිදුකළ සුනෙත් ලොකුහේවා විසිනි.

Share

1 View 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.