කොටු (Kotu) වේදිකාවෙන් පුංචි තිරයට: පුංචි තිරයෙන් සිනමාවට

Avatar Kavinu Weerakkody | June 8, 2026 75 Views 0 Likes 5 On 1 Rating

75 Views 5 On 1 Rating Rate it

මෑතකාලයේදී පුංචි තිරයේ ජනප්‍රිය වූ ‘කොටු’ ටෙලි නාට්‍යය, මේ දිනවල චිත්‍රපටයක් ලෙසින් රිදී තිරයට නැඟෙනවා. පසුගියදා එහි මුහුරත් උළෙල පැවැත්වුනා. ඒ මෙම සිනමාපටයට සහභාගී වන නලු නිලියන් සහ කාර්මික ශිල්පීන්ගේ සහභාගීත්වයෙනුයි.

ජගත් චමිල, ජයනි සේනානායක, සුලෝ හැරපත්දෙණිය, හිමාලි සයුරංගි, ඉසුරංග ජයකුමාර ඇතුලු මුල් ටෙලි නාට්‍යයට එක් වුනු නලු නිලියන් රැසක් මේ චිත්‍රපටය සඳහාත් රංගනයෙන් එක් වීමට නියමිතයි.

ඊට අමතරව සනත් විලමසිරි, සම්පත් ජයවීර, සරත් කොතලාවල ඇතුලු මුල් ටෙලි නාට්‍යෙය් නොසිටි නලු නිලි පිරිසකුත් මෙම චිත්‍රපටයෙන් දැකගත හැකියි.

කොටු ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන අසංක සායක්කාර විසින්ම මෙම සිනමාපටයත් අධ්‍යක්ෂණය කරනු ලබනවා.

මෙහි තවත් සුවිශේෂීත්වයක් වන්නේ අසංක සායක්කාර කොටු කතා තේමාව පළමුවෙන්ම ඉදිරිපත් කරන්නේ වේදිකා නාට්‍යයක් ලෙසයි. වේදිකා නාට්‍යයට පාදක වූ කතාවම ඔහු විසින් පුංචි තිරයේ ටෙලි නාට්‍යයක් බවට පත් කළ අතර ඉන් ලැබුනු අසීමිත ජනප්‍රියත්වය නිසා දැන් එය සිනමා තිරයටත් නැඟෙමින් තිබෙනවා.

මේ දිනවල මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවනවා.

Share

75 Views 5 On 1 Rating Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.