ඩිංගා – ආදරේ හොයන කොළඹ කොල්ලා ඔක්තෝබරයේ එනවා!
සිංහල සිනමාවේ කලකින් නොදැකපු, නැවුම් සහ වෙනස්ම කතා තේමාවක් රැගත් ඩිංගා (Dinga) අලුත්ම සිනමාපටය එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට දිවයින පුරා තිරගත වනවා.
මෙරට ජනප්‍රිය නලු නිලියන් රැසකගේ රංගනයෙන් හැඩවන ඩිංගා අධ්‍යක්ෂණය කළේ ඩිලංක රංගනාත් විසිනුයි. එමෙන්ම මෙය ඔහුගේ පළමු වෘතාන්ත සිනමා අධ්‍යක්ෂණය ද වනවා.

පසුගිය සරසවිය සම්මාන උළෙලේදී හොඳම සහාය නලුවා ලෙසින් සම්මානයට පාත්‍ර වූ තුසිත ලක්නාත් විසින් මේ චිත්‍රපටයේ ඩිංගාගේ ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ඒ සමඟින් තිලක්ෂණී රත්නායක, තුමිඳු දොඩන්තැන්න, සංජානා ඔනාලි, අංජන ප්‍රේමරත්න, දිලුම් බුද්ධික, උදාර අබේසුන්දර ඇතුලු නලු නිලියන් රැසක් ඔබට මෙයින් දැකගන්නට පුලුවන්.
ඩිංගා චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ලක්මාල් ධර්මරත්න – උදාර අබේසුන්දර – ප්‍රිමාල් රණසිංහ එකතුවෙනුයි. ස්ට්‍රයිනර් ඇඩම්ස් චිත්‍රපටයේ කැමරාකරණය හසුරවා තිබෙන අතර දමිත චන්ද්‍රසිරි විසින් සංස්කරණය සිදු කර තිබෙනවා.

“ඩිංගා” කියන්නේ නමක් උණාට විසාල අර්ථයක්. ඩිංගක් කියන්නේ සරල අරත්යෙන් ගත්තොත් චුට්ටක් කියන එක. ඉතිං ඩිංගගේ ජීවිතේ හැමදේම තියෙන්නේ චුට්ට චුට්ට.
ආර්ථිකය, උගත්කම, සමාජ තත්වය, පෙනුම, දැනුම මේ ඔක්කොම “ඩිංග” ට තියෙන්නේ චුට්ට චුට්ට. මේ චුට්ට කියන්නේ “කොළඹ ආදර ලෝකයේ” දී ආදරය හොයාගන්න ගියාම “ලොකු” ප්‍රශ්නයක්.
ඉතිං “ඩිංගා” ආදරය හොයමින් කොළඹ සැරිසරනවා…
“ඩිංගා” ඔබේ කතාව නොවුණත් ඔබේ ළඟම එකෙක්ගේ, ඔබේ හිතවතකුගේ, මල්ලියෙකුගේ කතාව වෙන්න පුළුවන්! ඔබේ මිතුරු කුලකයෙක් “ඩිංග’” අනිවාර්යෙන් ඉඳලා තියනවා. කවමදාවත් ඒ “ඩිංගා” ගැන පොතක්, කවියක්, සිංදුවක් හෝ චිත්‍රපටියක් නම් හැදිලම නෑ…
ඉතිං මේක තමයි ලෝක “ඩිංගලා” ගැන හැදෙන පළමෙනිම චිත්‍රපටිය…. එහෙනං ඔක්තෝබර් මාසේ ඒ “ඩිංගා” බලන්න ලෑස්ති වෙන්න!!

Written by Kavinu Weerakkody
