ලාංකේය සිනමාවට අලුතින්ම එක් වන හෙලෝ සොෆී!

Avatar Kavinu Weerakkody | February 19, 2026 104 Views 0 Likes 0 Ratings

104 Views 0 Ratings Rate it

දුශේනි සිල්වා ප්‍රධාන රංගනයෙන් එක්වන “හෙලෝ සොෆී” නැමැති අලුත්ම හාස්‍ය සිංහල චිත්‍රපටයක වැඩ කටයුතු පසුගියදා ආරම්භ වුනා.

දුශේනි සමඟින් කෞෂල්‍යා ප්‍රනාන්දු, දිදුල ඉඳුවර ඇතුලු ප්‍රවීණ සහ නව පරපුරේ රංගන ශිල්පීන් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් එකතු වනවා.

“හෙලෝ සොෆී” අධ්‍යක්ෂණය ජෝ දිසානායකගෙනි. පසුගිය සමයේ මෙරට ජනප්‍රිය වූ කෙටි චිත්‍රපට සහ වෙබ් කතාමාලා කීපයක්ම ඔහු විසින් මීට පෙර අධ්‍යක්ෂණය කර තිබෙනවා.

විශේෂත්වය වන්නේ මෙහි තිර පිටපත රචනා කොට තිබෙන්නේ ද රංගන ශිල්පී දිදුල ඉඳුවර විසින්මයි!

සිංහබාහු, සිහින නෙලුම් මල් චිත්‍රපටවලින් පසුව දුශේනි සිල්වා රංගනයෙන් එකතු වන අලුත්ම චිත්‍රපටය වන්නේ මෙයයි. ඒ වාගේම, මෝඩ තරිඳු චිත්‍රපටය සමඟින් මෙරට සිනමාවේ වැඩිම ආදායම්ලාභී සිනමාපටයේ ප්‍රධාන චරිතය රඟපෑ නිලිය වීමටත් කෞෂල්‍යා ප්‍රනාන්දු පසුගියදා සමත් වුනා.

ඉම්පීරියල් ටෝකිස් වෙනුවෙන් හෙලෝ සොෆී නිෂ්පාදනය කරන්නේ අනුරාධ බී රැකව, සුසිල් ජයසේකර සමඟින් ශ්‍රී ලාල් වික්‍රමගේ යි. ලාංකීය සිනමාවේ අතිශය ජනප්‍රිය වූ සිකුරු හතේ, කාසි වාසි වැනි හාස්‍ය සිනමාපටවල නිෂ්පාදකයා වන්නේ ද ඉම්පීරියල් ටෝකිස් ආයතනයයි.

චිත්‍රපටයේ රූගත කිරීම් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි.

Share

104 Views 0 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.