රන්ජන් රාමනායක පොලිස් සේවයට – ‘OIC ගඩාෆි’ දැන් රාජකාරියේ

Avatar Kavinu Weerakkody | October 10, 2025 473 Views 0 Likes 3.5 On 2 Ratings

473 Views 3.5 On 2 Ratings Rate it

රන්ජන් රාමනායක මෙරට සිනමාවේ සිටින ජනප්‍රියතම රංගන ශිල්පියෙක් සහ පුවත් මවන්නෙක්. දශක ගණනාවක් පුරාවට තම ජනප්‍රියත්වය රඳවා ගනිමින්, බොක්ස් ඔෆිස් චිත්‍රපට රැසකට රංගනයෙන් එකතු වන්නට රන්ජන් රාමනායකට හැකි වී තිබෙනවා.

ඔහු විසින් ප්‍රධාන චරිතයට පණ පොවන, ‘OIC ගඩාෆි’ නැමැති තවත් අලුත්ම සිංහල චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු පසුගියදා ඇරඹුනා. මේ වනවිට දිවයින පුරා ප්‍රදේශ රැසකදී එහි රූගත කිරීම් සිදුවනවා.

මෙම චිත්‍රපටයේ කතාව දිවෙන්නේ අසාධාරණයට විරුද්ධව සටන් කරන, නිර්භීත පොලිස් නිලධාරියෙකු වටායි.

විශේෂත්වය වන්නේ, සටන් ජවනිකාවලින් පිරුනු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ද රන්ජන් රාමනායක විසින්මයි! මීට පෙර වන්ෂොට්, ලීඩර්, ඩොක්ටර් නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුලු Box Office සිනමාපට රැසක්ම ඔහු අධ්‍යක්ෂණය කලා.

සරත් කුලාංග, පියුමි බොතේජු, ජයනි සේනානායක, ධර්මප්‍රිය ඩයස් ඇතුලු තවත් ජනප්‍රිය නලු නිලියන් රැසක් ‘OIC ගඩාෆි’ චිත්‍රපටයේ රංගනයෙන් එකතු වනවා.

Share

473 Views 3.5 On 2 Ratings Rate it

Written by Kavinu Weerakkody


  • Copyright © 2019 Cinema.lk. All Rights Reserved. Solution by Technology Partner FortunaCreatives.