ආගමික සංස්ථා එහි සැබෑ අරමුණු උදෙසා පෙනිසිටිනවාද?
සිනමාව පුළුල් විෂයක්. ලෝකයේ විවිධ රටවල විවිධ සිනමා නිර්මාණ බිහිවෙනවා. ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නා විවිධ මාතෘකාවන් යටතේ නිර්මාණය වුනු සිනමා නිර්මාණ ලෝකය පුරා සිනමා රසිකයින් අතර සීග්‍රයෙන් ව්‍යාප්ත වනවා. හොලිවුඩ් පුරයේ නිර්මාණය වුනු ඉතා ඉක්මනින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් ලෝකය පුරා රටවල් කිහිපයක තිරගත වන නවතම සිනමා නිර්මාණයක් පිළිබඳව තොරතුරු අද cinema.lk වෙතින් ඔබට ගෙනෙන්න සුදානම්. ඇමරිකාවේ නිර්මාණය වුන ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුනු නවතම සිනමාපටය Novitiate. මේ වනවිට නිකුත් වී සති දෙකක කාලයක්. ඒ කාලය තුළ ලොව පුරා සිනමා රසික අවධානය දිනා ගැනීමට මේ සිනමාපටය සමත්ව තිබෙනවා.
Margret Betts තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ Novitiate සිනමාපටය 2017 වසරේ Sundance International Film Festival සමාරම්භක දර්ශනය පැවැත්වුවා. විනාඩි 123ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටය සඳහා Margaret Qualley, Dianna Agron, Morgon Saylor, Melissa Leo රංගනයෙන් දායක වී තිබෙනවා. වර්ෂ 1954දී වයස අවුරුදු 07ක් වූ කැත්ලින් හැරිස් නම් දැරිය කතෝලික දහම සිය මව මගින් හඳුනා ගන්නවා. ඇගේ කතෝලික විශ්වාසයන් සමග ජිවත් වන ඇය වයස අවුරුදු 12දී තමා කවුදැයි සෙවීම ආරම්භ කරනවා. වයස අවුරුදු 17දී ශිෂ්‍යත්වයක් ලබන ය අලුතින් ආරම්භ කරන ලද කතෝලික පාසලකට ඇතුල් වනවා. එහිදී ඇයට හමුවන කන්‍යා සොයිරියන්ගේ හැසිරීම්, තාඩන පීඩන, ලිංගික අඩන්තේට්ටම් සියල්ල අතර කැත්ලින් හැරිස්ගේ ජීවිතය ගලායන අයුරු මේ සිනමාපටය හරහා අපුරු සංවාදයකට ගෙනෙනවා.
Written by Nisanka Weheraduwa