ආරියවංශ දෙසොහොයුරෝ “රූකඩ පැංචි” සමගින්
වින්දන සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන් පසුගිය කාලය තුළ සිනමාවේදී හමුවුනේ “ප්‍රේමය නම්” චිත්‍රපටය සමගින්. වෙනස් මාතෘකාවක් ගැන අවධානය යොමුකරමින් නිමවුණු අපූරු චිත්‍රපටයක් වුනු ප්‍රේමය නම්, විවිධ සම්මාන උළෙල වලදී සම්මාන රැසක් හිමිකර ගත චිත්‍රපටයක් වුනා. ඉන් පසුව මේ දෙසොහොයුරෝ අලුත්ම වැඩකට අතගැසූ බවත් සඳහන් වුනා.
ඔවුන්ගේ අලුත්ම සිනමා නිර්මාණය “රූකඩ පැංචි”. චිත්‍රපටය රුගත කිරීම් පසුගිය වසර අග භාගයේ ආරම්භ කෙරුනා. ජැක්සන් ඇන්තනි, දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, බන්දුල විජේවීර, දයාදේව එදිරිසිංහ, නිරෝෂන් විජේසිංහ මේ චිත්‍රපටයේ චරිත සඳහා රංගනයෙන් දායක වනවා. රවින්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා සහ බන්දුල නානායක්කාරවසම් යන ප්‍රවීණ ශිල්පීන් මෙහි ආරාධිත ගරු රඟපෑමක නිරත වන බව සඳහන්. කුෂේන්යා ෆොන්සේකා සහ ලශික දේශාන් ළමා නළුවන් ලෙස සිනමාපටයට සම්බන්ධ වනවා.
තිර රචනය සහ අධ්‍යක්ෂණය කල්පන සහ වින්දන ආරියවංශගෙන්. කැමරාව ජාන් ශේන්බර්ගර් විසින් සිදුකොට තිබෙනවා. කල්පන ආරියවංශ මෙහි සංස්කරණ කටයුතු සිදු කරනවා.
Written by Nisanka Weheraduwa